Posts

Image
  උද්ධමනය නිසා ඉස්සරහට මොකද වෙන්නේ?   පාන් ගෙඩිය රුපියල් 500 වී, හාල් කිලෝව රුපියල් 400 වෙයිද? ඉතිරිකිරීම් වල වටිනාකම තවත් අඩු වෙයි ද? තුන් වේලෙන් එක වේලක් වත් කන්න පුළුවන් වෙයිද? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්.   ශ්‍රී ලාංකේය ආර් ථිකය මේ වන විට පවතින්නේ අතිශය අර් බුද කාරී තත්වයක බව බොහෝ දෙනෙකුට පෙනී යන කරුණකි. මේ මොහොතේ දී ත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සේවා සැපයීම පවා අභියෝගයකට පැමිණ තිබේ.  ආනයන අපනයන  තත්වයන්ගේ සැලකියයුතු ගැටලුකාරී තත්වයක් මතුව පෙනේ. විශේෂයෙන් ම ආනයන අපනයන ඇසුරෙන් වන ඩොලර් හිගය මෙම ගැටලුව  තව තවත්  ඉහල යාමට හේතු සාධක වී ඇති බව නොරහසකි. ආසියාවේ ඉහලම උද්ධමනය පවතින   රට බවට ශ්‍රී ලංකාව  පත්වී තිබෙන අතර ලෝක බැංකුව සඳහන් කරන  පරිදි ආහාර උද්ධමනයෙන් ලෝකයේ 5 වන තැනට ශ්‍රී ලංකාව මේ වසරේ අගෝස්තු අවසානය වන විට පත්ව තිබේ. ලෙබනනය,සිම්බාබ්බේ,වෙනිසියුලා හා තුර් කිය මුල් ස්ථාන වල පසු වේ. එහි නවවෙනි ස්ථානයේ පසු වන්නේ ඉතියෝපියාව ය. උද්දමනය ලෙස හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහල යාමයි. එය එක භාණ්ඩයක් හෝ දෙකක මිල ඉහල යාම...
Image
  රටේ භාණ්ඩ   මිල අහස උසට යයිද? දැන් තියෙන තත්වය මත මුදල් වලින් වත්කම් ඉතිරි කරොත් මොකද වෙන්නේ? හෙට ගැන සිතා අද පාරිභෝජනය කරමුද? සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල මට්ටම හමුවේ මේ වන විට ජනතාව අතිශය පිඩාවට පත්ව සිටින බව පෙනෙන්ට තිබෙන කරුණකි. අතෙකින් දිනෙන් දින උග්‍ර වන කොරෝනා අර්බුදයත්,තවත් අතෙකින් පනවා තිබෙන සංචරණ සීමා ආදී තත්වයන් නිසාත් බැට කන ජනතාවට එදිනෙදා පාරිභෝජනය සඳහා භාවිත කරන භාණ්ඩ හා සේවා මිල දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති  බව මාගේ වැටහීමයි. මේ සියලු තත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි. පවතින තත්වය අනුව රටේ සැලකියයුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ඉහළ ගොස් තිබෙන බව නොරහසක්. මෙවැනි අභියෝගාත්මක කාලයක එවැන්නක් සිදුවීම අහම්බයක් නොවේ. මෙරට භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුමට ප්‍රමාණවත්   සැපයුමක් නොවීමත්, නිෂ්පාදනය හා ආනයනය කෙරෙහි පවතින රෙගුලාසි ආදියත් මේ සඳහා හේතු වී ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර කෙරෙහි පවතින සීමා මේ කෙරෙහි බලපා තිබෙනවා. සීනි, හාල් ආදිය   කෙරෙහි රජය වෙතින් මිල ...
Image
  කොරෝනා සමග   2021 ආර්ථික සටන සටහන ; ඉසුරු සම්පත් තෙන්නකෝන් කොවිඩ් 19 නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝකය වෙලාගත් ව්‍යවසනයක් බවට පත්ව තිබේ. ලෝකයේ ආර්ථික මට්ටමින් ශක්තිමත් රටවල සිට ඉතා දිළිඳු ආර්ථිකයන් පවතින රටවල් දක්වාම මෙම වෛරසයේ බලපෑම නොවඩුව ලැබෙමින් පවතී. වෛරසය නිසා ආර්ථික දේශපාලනික මෙන්ම සෞඛ්‍ය අවදානමකට මුලු මහත් ලෝකයම පත්ව තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉනික්බිති යුරෝපය හා අප්‍රිකාවත්, ආසියාවත් ආක්‍රමණය කරමින් වර්ධනය වූ මෙම ව්‍යවසනය නිසා බලවත්ම පීඩාවට පත් වූ රාජයන් අතරට ඇමරිකාව,රුසියාව,ඉතාලිය ,ජර්මනිය මෙන්ම අප අසල්වැසි ඉන්දියාවද පත්ව ඇත. ලොව අනෙකුත් සියලුම රටවල් වලද සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් මේ විට වාර්තාවෙමින් පවතින අතර, මේ තත්වයන් සමස්ත මානවයාගේ ආර්ථික ක්‍රියාකාරකම් පමණක් නොව මානව සංහතියේ පැවැත්මටද අභියෝගයක් වෙමින් පවතී. 2021 ජනවාරි ආරම්භය වන විට ශ්‍රී ලකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පනස් දහසට ආසන්න වෙමින් පවතින අතර මේ වන විටත් කොරෝනා රෝගී තත්වය බලපෑමෙන් මිය ගිය පිරිස දෙසියය ඉක්මවා ඇත. අතෙකින් ජන ජීවිතය අභියෝගයට ලක් වෙමින් සියලු ආර...
Image
  එලොව පොල් පෙනෙන පොල් මිල, ලංකාවේ පොල් නිෂ්පාධනය හා මිල පාලනය සටහන ;  ඉසුරු සම්පත් තෙන්නකෝන් පොල් වර්තමානයේ අපගේ ආර්ථිකය වඩාත් ජනප්‍රිය කතිකාවට භාජනය වූ භාණ්ඩයකි. ඒ ආර්ථිකය තුල සැලකියයුතු ලෙස මිල ගණන ඉහල යාමත්, එම තත්වය පාලනය කිරීම සඳහා පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ උපරිම මිල පාලනයත් නිසාය. මේ ලිපියේ අවධානය යොමු වන්නේ මෙරට පොල් නිෂ්පාධනය, එහි ආර්ථික වටිනාකම මෙන්ම ඒ ආශ්‍රිත ආදායම් හා මිල පාලනයේ ප්‍රබලතා හා දුබලතා පිළිබඳවය. වසර 1948 න් පසු මෙරට ආර්ථිකයේ ප්‍රධානතම ආදායම් උත්පාදකයා බවට මෙරට වාණිජ බෝග වගාවන් පත්විය. ඒ අතර තේ, පොල් හා රබර් අපනයනයේදී ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසි පැවතුණි. එමෙන්ම මෙරට අපනයන ආදායම් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් උත්පාදනය විය. එහෙත් පසුකාලීනව කෘෂි අපනයන සඳහා වන සාපේක්ෂ වාසි අවම වීමත් සමග එම නිෂ්පාධන වලින් ලංකාවට ලැබෙන ආදායම අඩු වීමට පටන් ගත්තේය. වර්තමානය වනවිට අපගේ මූලික අපනයන ආදායම් උත්පාදන මාර්ග ලෙස සාම්ප්‍රදායික අපනයන වල දායකත්වය අවම වී තබේ. එහෙත් තවමත් තේ, පොල්, රබර් ආදිය අපනයන අතර පවතී. ලංකාව...
Image
  ජාතික නිපැයුම, ආනයන, අපනයන හා දේශීය කර්මාන්ත පිළිබඳ   නව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙතරම් දුරට සුබවාදී ද? සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකා ආර්ථිකයේ සමාහාර ආදායම හෙවත් සමස්ත ජාතික ආදායම 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 88.9කි. ඒ අනුව   සමස්ත ජාතික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා දැක්වීමෙන් ලබා ගනු ලබන ඒක පුද්ගල ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 4.102ක් බවට වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකාව පහල මැදි ආදායම් තත්වයේ සිට ඉහල මැදි ආදායම් ලබන ආර්ථිකයක් දක්වා වර්ධනයක් වාර්තා විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ලොව ආර්ථිකයන් බොහොමයකට ප්‍රබල බලපෑම් එල්ල වූ අතර ශ්‍රී ලංකාවද සැලකිය යුතු බලපෑමක් සිදුවූ බව නොරහසකි. ඒ අනුව මෙරට ආනයන අපනයන  පමණක් නොව දෛනික ජනජීවිතය පවා සැලකියයුතු බලපෑමකට ලක් විය.  කොරෝනා තත්වය නිසා ආර්ථිකය නැවතත් පහල මැදි ආදායම් තත්වයට පසු බැස තිබෙන අතර පස්චාත් කොරෝනා අවදියක් තුළ   නව මැතිවරණයකින් පත්වූ රජය විසින් ආර්ථික දේශපාලන හා සමාජ ප්‍රති සංස්කරණ රාශියකට මුල පුරමින්   සිටි. මේ ලිපියෙන් කතිකා කෙරෙන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ජාතික නිපැයුම, ආනයන, අපනයන හා ...
Image
කොරෝනාවෙන් පසු ලාංකේය ආර්ථිකයේ දිශානතිය සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලද ඉහලම ආර්ථික පසුබෑම කොරෝනා වසංගතය හේතුවෙන් ලබා තිබෙන බව කිව හැකිය. එහෙයින් බොහෝ විට   මෙම වසර ආර්ථික වර්ධනය සෘණ අගයක් දක්වා වාර්තා කිරීමේ හැකියාව තිබේ. ලංකාව ආර්ථිකය ප්‍රබලතම පසුබෑම අත් කරගත් අවස්ථා දෙකක් මෑත කාලයේ දක්නට ලැබිණි. ඒ වසර 2001   දී අත්කරගත් සෘණ ආර්ථික වෘර්ධිය යි. එම වසරේ කටුනායක ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  මෙන්ම එමගින් සිදුවූ ආර්ථික බිඳවැටීමත්, ආර්ථිකයේ සිදුවූ විවිධ බිඳවැටීම් ද  ඒ සඳහා බලපාන ලදී. අනෙක් වසර ලෙස 2019 වසර දැක්වීමට හැකිය. ඒ අනුව එම වසරේ පාස්කු ප්‍රහාරයද ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ලක් කරනු ලැබිණි. පාස්කු ප්‍රහාරය හමුවේ මෙරට ආර්ථිකය සැලකියයුතු පසුබෑමකට ලක්විය. මෙරට ආර්ථික වෘද්ධි අනුපාතය සියයට   3 .5 දක්වා අඩුවීමට එම තත්වය ප්‍රබලව බලපාන ලදී. ඒ පසුගිය වසර දහය තුළ මෙතෙක් වාර්තා කරනු ලැබූ අවම ආර්ථික වර්ධන අනුපාත බවට පත් වෙමිනි. නව්‍ය කොරෝනා තත්වය අපට පමණක් නොව ගෝලීය ආර්ථිකයද නොසිතූ විරූ බිඳ වැටීමකට හේතු වූ බව නොරහසකි. ලොව ප...