උද්ධමනය නිසා ඉස්සරහට මොකද වෙන්නේ?  පාන් ගෙඩිය රුපියල් 500 වී, හාල් කිලෝව රුපියල් 400 වෙයිද? ඉතිරිකිරීම් වල වටිනාකම තවත් අඩු වෙයි ද? තුන් වේලෙන් එක වේලක් වත් කන්න පුළුවන් වෙයිද?

සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්.

 ශ්‍රී ලාංකේය ආර් ථිකය මේ වන විට පවතින්නේ අතිශය අර් බුද කාරී තත්වයක බව බොහෝ දෙනෙකුට පෙනී යන කරුණකි. මේ මොහොතේ දී ත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සේවා සැපයීම පවා අභියෝගයකට පැමිණ තිබේ.  ආනයන අපනයන  තත්වයන්ගේ සැලකියයුතු ගැටලුකාරී තත්වයක් මතුව පෙනේ. විශේෂයෙන් ම ආනයන අපනයන ඇසුරෙන් වන ඩොලර් හිගය මෙම ගැටලුව  තව තවත්  ඉහල යාමට හේතු සාධක වී ඇති බව නොරහසකි.


ආසියාවේ ඉහලම උද්ධමනය පවතින   රට බවට ශ්‍රී ලංකාව  පත්වී තිබෙන අතර ලෝක බැංකුව සඳහන් කරන  පරිදි ආහාර උද්ධමනයෙන් ලෝකයේ 5 වන තැනට ශ්‍රී ලංකාව මේ වසරේ අගෝස්තු අවසානය වන විට පත්ව තිබේ. ලෙබනනය,සිම්බාබ්බේ,වෙනිසියුලා හා තුර් කිය මුල් ස්ථාන වල පසු වේ. එහි නවවෙනි ස්ථානයේ පසු වන්නේ ඉතියෝපියාව ය.

උද්දමනය ලෙස හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහල යාමයි. එය එක භාණ්ඩයක් හෝ දෙකක මිල ඉහල යාමක් නොවන අතර ආර් තික විද්‍යානුකුලව නම් සමස්ත භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහල යාමයි. උද්ධමනය විවිධ ආකාරයෙන් සිදු වේ. සාමන්‍යය උද්ධමනය, අධි උද්ධමනය ආදී වශයෙන්ද විවිධ අංශ යටතේ කතිකා කෙරෙයි. සාමන්‍ය උද්ධමනයක දී නම් මිල ගණන් අංක එකක වැඩි ( single digit)වීමකට යටත්ව සිදුවිය හැකිය. අධි උද්ධමනකාරී තත්වයක් ලෙස හඳුන්වන්නේ භාණ්ඩ හා සේවා මිල වඩා වැඩි වේගයකින් වැඩි වීමයි. අංක දෙකක අගයක්  (double digit) හෝ තුනක් විය හැකිය. පසුගිය දිනවල ඔබ අත්වින්දේ ඒ අධි උද්ධමන තත්වයයි. උදාහරණයක් ලෙස ඔබ  කඩයට යන විට පාන් ගෙඩියක් රුපියල් 150ක් යයි සිතමු. ඔබ එය මිලදී ගෙන කඩයෙන් එලියට බසින විට එහි මිල රුපියල් 200 දක්වා වැඩි වන්නට පුළුවන්.පසු දින පාන් ගෙඩිය රුපියල් 300ක් වී තිබෙන්නේ ඒ අධි උද්ධමනයේ  බලපෑම නිසාය.


මෙවැනි තත්වයක් රටේ පවතින විට මුදලින් ඉතිරිකිරීම කිසි විටෙක ඵලදායි නොවන බව මා විසින් මෙයට කලින් මාගේ ලිපිවල දක්වා තිබෙන බව ඔබට මතක ඇති. ඒ මක් නිසාද දිනෙන් දින රුපියලේ අගය අඩුවන විට, එසේත් නැතිනම් භාණ්ඩ මිල ඉහල යනවිට ඔබගේ ඉතිරිකිරීම් තුලින් ලබා ගත හැකි භාණ්ඩ සේවා වටිනාකම අඩු වීමයි. එනම් වෙනදා ඔබ රුපියල් 1000ක් ඉතිරි කර එයින්  හාල් කිලෝ 10ක් ලබා ගත්තේ නම් දැන් ඔබට එයි හාල් කිලෝ 5ක් වත් ලබා ගත නොහැකි තත්වයකි උදාව තිබෙන්නේ. එය තත්එවය පැහැදිළි කිරීමට ගත් සරළ උදාහරණයක් පමණි.සැබෑ තත්වය අතිශයින් භයානකය. උද්ධමනයක් පවතින විට ඉතුරුම් කෙරෙහි පවතින වටිනාකම අඩු වේ. ඒ අවස්තාවේ දී ඔබ කල යුතු වන්නේ ඉතුරුම් වෙනුවට වෙනත් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට එම මුදල් යෙදවීමයි. එවිට මුදලේ අගය ක්ෂය වීම තුලින් වන අවාසිය  තරමක් දුරට වලක්වා ගත හැකිය.

දැන් අපි නැවතත් රටේ තත්වය ගැන විමසා බලමු. පසුගිය දිනවල ඉන්ධන, ගෑස් ආදී එකී මෙකී සියලු දේ සඳහා පෝලිම් පැවතුණු බව ඔබට අමතක නැති බව සිතමි. නැවතත් එම පෝලිම් ඉස්මතු වෙමින් පවතී. ආර් තික  ගැටළු  පවන්තින ඕනෑම රටක මේ තත්ත්වය සාමාන්‍ය තත්වයකි. එහිදී කලුකඩ වෙළදපල ඇතිවීම හා කළුකඩ මිලට භාණ්ඩ විකිණීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. කළුකඩ ඇතිවීම යනු භාණ්ඩ හෝ සේවා සඳහා හිගයක් පවතින විට  පවතින මිලට වඩා වැඩි ගානක් අය කරමින් අදාළ භාණ්ඩ විකිණීමයි. පසුගිය දිනවල පෙට්‍රල් හා ඩිසල් කළුකඩ මිලට විකිණීම සුලබ විය.එහෙත් මේවා පාලනය කිරීම උද්ධමනකාරී තත්වයකදී තරමක් අසීරු තත්වයකි. මේ තත්ත්වය් පාලනය කිරීමට කෝටා නියම කිරීම , මුද්දරයකට අනුව භාණ්ඩ ලබා දීම, කිසියම් ප්‍රමාණයක් පමණක් ලබා දීම,(උදා එක අයෙකුට කිරිපිටි  පැකට්ටුවක් පමණ, වරකට සීනි කිලෝ දෙකක් පමණක් ) ආදිය රජය විසින් සිදු කරනු ඇත. ඔබ දැන් ඉන්ධන සඳහා භාවිත කරන QR කේතයද එහි එක ප්‍රතිඵලයකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට පැමිණීමත් සමග විශේෂ  යෝජනා රැසක් ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා කර තිබෙන බව පෙනෙයි. ඒ අතුරින් විශේෂතම දේ වන්නේ අපගේ විදේශ ණය ප්‍රති ප්‍රතිවියුහගත කිරීම හා රාජ්‍ය අංශයේ බොහෝ පාඩු ලබන ආයතන පුද්ගලීකරණය කිරීමයි. ඒවායේ ගුණ දොස් මෙහි ලිවීමට මා අදහස් නොකරන අතර පසුව ලිපියක්  ඔස්සේ ලිවිමට අපේක්ෂා කරමි.

ලංකාව අද බංකොලොත් රජයක් බවට පත්ව තිබෙන  බව පෙනෙයි. ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන විසින් ලංකාවට නැවත ණය ගෙවීමේ ශක්‍යතාවය ඉතා හීන බව තීරණය  කර ඇති තත්වයක මෙරට ජනගහනයෙන් තුනෙන් එකක් දිනකට අවම වශයෙන් එක වේලක් පමණක් ගන්නා  බවට  පසුගිය දිනවල  කරුණු අනාවරණය  කරනු ලැබිය.  එමෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතා වත් සපුරා ගත නොහැකි කොපමණ ජනගහනයක් සිටිනු ඇත්ද? මෙය  කෙතරම් ශෝචනීය තත්වයක්ද?

අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සුබසාධන භාණ්ඩයන්  ඉදිරියේදී බොහෝ විට සීමා වීමට ඉඩ ඇත. එකතුකළ අගය මත බද්ද (VAT ) ක්‍රමිකව  ඉහල යනු ඇත. එමෙන්ම ආනයනයන් තව දුරටත් සිමා කිරීම් වලට බඳුන් වනු නොවනුමානය. දුරකථන ගාස්තු,බස් ගාස්තු,ජාල බිල් විදුලි බිල් පමණක්  නොව සියලුම සේවා ගාස්තු ඉහල යාමක් තව දුරටත් අපේක්ෂා කළ හැකිය. කෙටියෙන් කිව හොත් වක්‍ර බදු තව දුරටත් ඉහල යා හැකිය.

මොහොතින් මොහොත භාණ්ඩ හා සේවා ඉහල යන තත්වයක් මත මෙම තත්වය පාලනය නොකළහොත් අනාගතයේ විශාල කඩාවැටීමක් සිදුවනු නොවනුමානය. සමාජයේ සිදුවන විවිධ වෙනස්කම් හඳුනා ගන්නට පුද්ගලයන් තුළ පවා කිසියම් අවබෝදයක් හා  සමාජ භාවිතයක් තිබීම ඉතා වටිනා බව පෙනී යයි. එසේ තිබීමෙන් අවම වශයෙන් එදිනෙදා කටයුතු හෝ අඩු බලපෑමක් සහිතව සිදුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

සෙස්ස පසුවට ලියමි...

 

 

 

 

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය