ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය



ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය

සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන්


ගෝලීය ත්‍රස්තවාදය යන්න මේ දිනවල බහුලව කතිකාවට ලක්වන මාතෘකාවක් බවට පත්ව  තිබේ. සමාජ මාධ්‍යය, දේශපානඥයන් හා විවිධ පුද්ගලයන් දැන හෝ නොදැන මෙම මාතෘකාව සමාජ ගත කිරීමට උත්සහ දරන බව පෙනී යයි. ලංකාව තුල මේ මාතෘකාව මෙතරම් විවෘත්ත ව කතිකාවට පැමිණෙන්නේ පසුගියදා ලංකාවට එල්ල වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමගය. මේ ලිපිය ඔස්සේ ගෝලීය ත්‍රස්තවාදය හා එහි දේශීය බලපෑමත් එමගින් ලාංකීය ආර්ථිකයට සිදුවූ බලපෑමත් පිළිබඳව ඔබට අවබෝධයක් සැපයීම අරමුණ වේ.
ත්‍රස්තවාදය යන්න සරළව නිරවචනය  කළහොත් එක් එක් කණ්ඩායම්, හෝ ජන වර්ග  විවිධ ආගමික හා දේශපාලනික හේතු අරමුණු කර ගනිමින්  ගැටුම්කාරී හා භීෂණකාරී ලෙස   ජනතාව අතර බිය ඇති කරමින් තම අරමුණු උදෙසා ක්‍රියාත්මක වීම ලෙස දැක්විය හැකිය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය  ලෙස අපට එය ගලපාගත හැකි වන්නේ   එක් එක් කණ්ඩායම්, හෝ ජන වර්ග  විවිධ ආගමික හා දේශපාලනික හේතු අරමුණු කර ගනිමින්  ගැටුම්කාරී හා භිෂනකාරි ලෙස ත්‍රස්ත ක්‍රියා සිදු කරමින්   ලෝකයේ පවතින ජාතික රාජ්‍යයන් (විවිධ රටවල්)  හා ජනතාව අතර බිය ඇති කරමින්  තම අරමුණු උදෙසා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම ලෙස යි.
කෙසේ වෙතත් අයි එස් අයි එස්  නම් ත්‍රස්ත සංවිධානය මෙරට ආගමික ස්ථාන හා හෝටල්  ඉල්ලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය  හේතුවෙන් මෙරට මිල කල නොහැකි තරම් වන ජන ජිවිත විශාල ප්‍රමානයක් අහිමි වීමත්, අනෙකුත් සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වීමත් රටට එල්ලවූ ප්‍රබල බලපෑමකි. විශේෂයෙන්ම මේ තත්වයන් හේතුවෙන් රටේ සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයද මේ වන විට සැලකියයුතු පරිදි අඩාල වීමට හේතු වී තිබේ.
අතෙකින් මෙරට වැඩ කරන ජනතාවට එනම් ශ්‍රම බලකායට නිසි හා ප්‍රමාණවත් පරිදි සිය සේවා සැපයීමට පැවතී හා පවතින තත්වයන් සිමා වී තිබේ. විශේෂයන්ම මෙරට ජනයාගේ ආර්ථික කටයුතු එනම් වෙළඳාම්, ප්‍රවාහන හා නිෂ්පාදන  ආදී කටයුතු සීමා වෙමින් පවතී. විශේෂයන්ම සිය ව්‍යාපාර වලට රටේ පවතින  අවදානම් තත්වය හේතුවෙන් නිෂ්පාදකයන් හා ආයෝජකයන් දැඩි අසීරු මට්ටමකට පත් ව තිබෙන බව හඳුනාගත හැකිය.
විදේශ ආයෝජන පිලිබඳ රජය පවා මීට පෙර වැඩි අවධානයක් දක්වනු ලැබූ  අතර විදේශ ආයෝජන ලබා ගැනීමට විවිධ සංවර්ධන කටයුතු හා උපාය මාර්ග සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබිණි. එහෙත් මෙම තත්වය හේතුවෙන් විදේශ ආයෝජකයන් ලංකාවේ ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් නොදක්වනවා විය හැකිය. මන්ද මෙවැනි වාතාවරණයක රටෙහි සිය ආයෝජනයන් කර අනිසි අවදානමක් ගැනීමට වඩා වෙනත් රටකට සිය ආයෝජන ගෙන යාම සුදුසු බව ඔවුන්ට වැටහෙන නිසාවෙනි.
පසුගිය බෝම්බ ප්‍රහාර හමුවේ ආර්ථිකමය වශයෙන් මෙරට බරපතලම කඩා වැටීම සිදු වුයේ සංචාරක ක්ෂේත්‍රයේ  බව මගේ මතයයි. ශ්‍රී ලංකාව ලෝක සංචාරක ස්ථාන අතුරින්  වඩා ආකර්ශනිය රට බවට ලෝකයෙන්ම පළමු තැනට නම් කර තිබිණි. (මුලාශ්‍රය හා වැඩි දුර විස්තර- https://www.lonelyplanet.com/best-in-travel.) ඒ අනුව විදේශීය සංචාරකයන් ලක්ෂ ගණනක් ලංකාවට පැමිණෙමින් තිබුණි. එමෙන්ම තවත් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීමට සැලසුම් කරමින්, මෙරට සංචාරක හෝටල් වෙන් කර ගනිමින් තිබිණි. එහෙත් මෙම ප්‍රහාර සිදු වීමත් සමග සැලකිය යුතු විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් මරුමුවට පත් විය. ඒ අතර ඇමරිකානු, යුරෝපානු හා ආසියානු සංචාරකයෝද වුහ. මෙම සිදු වීමත් සමග සංචාරකයන්ගේ සංචාර අවලංගු කරමින් නැවතත් ඔවුන් සිය රටවල් වෙත යාමට කටයුතු කටයුතු කළහ. රුපවාහිනිය, හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ කටුනායක හා මත්තල ගුවන්තොටුපල පවතී තත්වයන් ඒ අනුව ඔබ දක්නට ඇතැයි සිතමි. ඒ අනුව එමගින් මෙරට ආර්ථිකයට අහිමි වූ ආදායම රුපියල් මිලියන ගණනකි. එමෙන්ම මෙරට සිදු වූ මෙම ප්‍රහාරයන් සමග විවිධ රටවල් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු හා අවදානම් රටක් බවට නම් කරන ලදී. ඒ අනුව නැවත මෙරටට සංචාරකයන් පැමිණීමේ අවදානමක් පවතී. ලොව සංචාරයට වඩාත් සුදුසුම රට බවට පත් ව තිබු ශ්‍රී ලංකාව මේ වන විට නුසුදුසු සහ අවදානම් සහිත රටක් ලෙස හදුනාගෙන තිබේ.   මෙම තත්වය යථා තත්වයට පත්වීමට තව වසර කීයක් ගත වෙයි දැයි පැවසීම අපහසුය.
ආනයන හා අපනයන කෙරෙහිද සැලකියයුතු බලපෑමක් මෙම සිදුවීම් දාමය ඔස්සේ සිදු විය. ඒ අනුව ආනයන කරුවන් හා අපනයන කරුවන්ට සිය ආනයන අපනයන අත්හිටුවීමට සිදු විය. එමගින් ආර්ථිකයට අහිමි වූ අයභාරය අති විශාලය.
මෙරට බහුතරයක් වූ ග්‍රාමීය නාගරික කම්කරුවන් හා දිළිඳු ජනතාව මෙම තත්වය නිසා ප්‍රබල බලපෑමකට ලක්ව තිබේ .එදිනෙදා සිදුකරන කුලී වැඩකටයුතු පවා බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ සිදු කර ගැනීමට පවා මෙම තත්වය අභියෝගයක් ව පවතී.
ඊට අමතරව මෙරට සියලුම ආර්ථික අංශ හා ආයතන වලට මෙම අයහපත් තත්වය සෘජුව හා වක්‍රව බලපෑම් කරනු ඇත. මේ තුලින් සිදුවන්නේ මෙතෙක් නිදහස් හා සාමකාමිව පැවතී ආර්ථිකය තුළ අතිරේක පිරිවැයක් ඇති වීමයි.

පවතින තත්වය තුල ආර්ථිකය සැලකියයුතු පසුබෑමකට ලක්ව තිබුනත් නිවැරදි ක්‍රියාමාර්ග සහ ආරක්ෂක උපාය මාර්ග භාවිතා කරමින් ජාතික ආරක්ෂක හා ආර්ථික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කිරීම අත්‍යවශ්‍යම කරුණකි.

වහසි බස් දොඩන දේශපාලනඥයනට මෙරට ජනතාව හෝ ආර්ථිකය පිලිබඳ ඉදිරි දැක්මක් ඇතැයි සිතිය නොහැකි තරම්ය. එහෙත් මේ පවතින තත්වය තුල ආර්තිකය සහ රටේ ඉදිරි ගමන පිලිබඳ නිවැරදි ඉලක්කයක් හා ආර්ථික සැලසුමක් නොමැති වුවහොත්, රට ජාතන්තර ත්‍රස්තවාදීන්ගේ බලපෑමට ලක් වන අතරම ආර්ථික පරිහානියක් වෙමින් මහත් විනාශයකට මග පෑදීම වලක්වා ගත නොහැකි වනු ඇත.

සෙස්ස පසුවට ලියමි..

Comments

Popular posts from this blog