කොරෝනාවෙන් පසු
ලාංකේය ආර්ථිකයේ දිශානතිය
සටහන; ඉසුරු සම්පත්
තෙන්නකෝන්
ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලද ඉහලම ආර්ථික පසුබෑම
කොරෝනා වසංගතය හේතුවෙන් ලබා තිබෙන බව කිව හැකිය. එහෙයින් බොහෝ විට මෙම වසර ආර්ථික වර්ධනය සෘණ අගයක් දක්වා වාර්තා කිරීමේ
හැකියාව තිබේ. ලංකාව ආර්ථිකය ප්‍රබලතම පසුබෑම අත් කරගත් අවස්ථා දෙකක් මෑත කාලයේ දක්නට
ලැබිණි. ඒ වසර 2001 දී අත්කරගත් සෘණ ආර්ථික
වෘර්ධිය යි. එම වසරේ කටුනායක ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම එමගින්
සිදුවූ ආර්ථික බිඳවැටීමත්, ආර්ථිකයේ සිදුවූ විවිධ බිඳවැටීම් ද ඒ සඳහා බලපාන ලදී.
අනෙක් වසර ලෙස 2019 වසර දැක්වීමට හැකිය. ඒ අනුව එම වසරේ පාස්කු ප්‍රහාරයද ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ලක් කරනු ලැබිණි. පාස්කු ප්‍රහාරය
හමුවේ මෙරට ආර්ථිකය සැලකියයුතු පසුබෑමකට ලක්විය. මෙරට ආර්ථික වෘද්ධි අනුපාතය සියයට 3.5 දක්වා අඩුවීමට එම තත්වය ප්‍රබලව බලපාන ලදී.
ඒ පසුගිය වසර දහය තුළ මෙතෙක් වාර්තා කරනු ලැබූ අවම ආර්ථික වර්ධන අනුපාත බවට පත් වෙමිනි.
නව්‍ය කොරෝනා තත්වය අපට පමණක් නොව ගෝලීය ආර්ථිකයද
නොසිතූ විරූ බිඳ වැටීමකට හේතු වූ බව නොරහසකි. ලොව ප්‍රමුඛපෙලේ ආර්ථික බලවතුන් හා ව්‍යාපාර
ආයතන වල බිඳවැටීමට නව්‍ය කොරෝනා තත්වය බලපාන ලද අතර තම ව්‍යාපාර වලට වැටුප් ගෙවීමට ඇති
නොහැකියාව හේතුවෙන් සිය සේවක සේවිකාවන් දස
දහස් ගණනක් රැකියාවෙන් ඉවත් කරන ලදි. ඒ අනුව ලොව ප්‍රමුඛපෙලේ කර්මාන්ත, නිෂ්පාධන හා
සේවා සපයන ආයතන තමන්ට සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වන බව වාර්තා කොට තිබේ.
එමෙන්ම මෙම ව්‍යසනය නිසා ගෝලීය ආර්ථිකයට සිදුවූ බලපෑම කොතෙක්දැයි නිසි තක්සේරුවකට තවමත් ලක් වී නැත. කෘෂි, කාර්මික හා සේවා අංශ තුනටම ප්‍රබල පසුබෑමක් මෙම තත්වය හේතුවෙන් සිදුවූ
නමුදු, මෙම තත්වය හමුවේ වඩාත්ම බලපෑමට ලක්
වූ ක්ෂේත්‍රය ලෙස මා හඳුනා ගන්නේ සේවා අංශයයි. එය ගෝලීය පදනමෙන් අධ්‍යයනය කරනු ලැබුවද,
ලාංකීය පසුබිමෙන් අධ්‍යයනය කරනු ලැබුව ද සැළකියයුතු පසුබෑමක් පෙන්නුම් කරන අංශයක් බව මනාකොට
පෙනී යයි.
ලංකාවේ ආර්ථිකයට වූ බලපෑම
ලාංකීය ආර්ථිකයේ සමස්ත ජාතික ආදායමෙන් එක් එක්
ආංශික දායකත්ව අධ්‍යයනයේදී, 2018 මහා බැංකු අවාර්තාවට අනුව කෘෂි අංශයෙන් 7.8 %, කාර්මික අංශයෙන් 30.5% හා සේවා අංශයෙන් 61.7 % පමණ වේ. ඒ අනුව සමස්ත අයභාරයෙන් සැලකියයුතු
දායකත්වයක් සේවා අංශයෙන් සපයන බව හඳුනා ගත හැකිය. එහෙයින් සේවා අංශය හා එහි ක්‍රියා
කාරිත්වය ආර්ථිකයේ ඉදිරිගමන තීරණය කෙරෙන අංශයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ
සංචාරක කර්මාන්තය, ප්‍රවාහන හා අනෙකුත් සේවා සපයන අංශ කෙරෙහි ඉතා ප්‍රබල තත්වයක් කොරෝනා
වසංගතය හේතුවෙන් උදා විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව කිසියම් දුරකට මෙරට සංචාරක ක්ෂේස්ත්‍රය
බිඳ වැටුනද නව්‍ය කොරෝනා තත්වය හේතුවෙන් එම තත්වය දෙගුණ තෙගුණ විය. මෙරටට දෛනිකව විශාල
විනිමය ප්‍රමාණයක් ගලා එන මරමස්තානයක් බවට පත් වන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල
යි. කොරෝනා හේතුවෙන් ගුවන්තොටුපල වසා දැමීමත් සමග මෙරටට අහිමි වූ ආදායම අති විශාලය.
මෙරට සැලකිය යුතු විදේශ විනිමය ජනනය කරන අංශයක් වන ඇඟලුම් නිෂ්පාදන වෙළඳපොල සැලකියයුතු
කඩා වැටීමකට ලක්විය.විශේෂයෙන්ම එම නිෂ්පාදන අපනයනය කරනු ලැබුයේ යුරෝපය ඇමරිකාව ආදී
වෙළඳපොල වෙතය. එම රටවල් කොරෝනා ව්‍යවසනයේ කෙන්ද්‍රස්ඨාන බවට පත්වීමත් සමග වෙළඳපල බිද
වැටිණි. පොදුවේ සියලුම අංශ වල සෘජු හා වක්‍ර
රැකියා අහිමි වීම තවදුරටත් මෙරට සේවා වියුක්ති අනුපාතය ඉහල යාම කෙරෙහි බලපෑම් කරමින්
තිබේ.
කෘෂි අංශයෙන් අධ්‍යයනය කිරීමේදී අපනයන වෙළඳපල
සිදුවූ බිඳ වැටීම් නිසා සිදුවූ ආර්ථික පිරිවැය අති විශාලය. ආනයන අපනයන තත්වය අනුව වෙළඳ
ගිණුමේ හිගයක් දීර්ඝ කාලීනව වාර්තා කරනු ලැබූ අපගේ වෙළඳ ශේෂය හිගය තව දුරටත් පුළුල්
විය. ඩොලරයට සාපේක්ෂව රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම දක්නට ලැබුණි. මෙම වසරේ රුපියල
18% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව වාර්තා කරනු ලැබූ අතර, ඉතිහාසයේ පළමු වරට
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයෙහි අගය රුපියල් දෙසියය ඉක්මවනු ලැබීය.
මෙම සිදුවීම් දාමය ඔස්සේ රටේ බලවත්ම බලපෑම සිදුවුයේ
මෙරට අඩු ආදායම් ලාභී ජනතාව වෙතය. විශේෂයෙන්ම එදිනෙදා රැකියා හෝ ශ්‍රමය සපයමින්
ජිවත්වන අඩු ආදායම්ලාභී ජන ජීවිත වල ජීවන තත්වය පහල යාම කෙරෙහි මෙය බලපාන ලදී. විශේෂයෙන්ම
සමස්ත ලෝකයෙන්ම සැලකියයුතු ජනගහනයක් දරිද්‍රතා මට්ටමට පත්ව තිබෙන බව ලෝක බැංකුව පුරෝකථනය
කරයි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ දිළිඳු ජනගහනය වර්ධනයටද කිසියම් බලපෑමක් කරනු ලැබේ.
දිලින්දන් වීමට අවදානමක් පවතින ජනගහනය ඉහල යාමක් සිදුවිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවෙන්
පෙලෙන ජනගහනයේ සැලකියයුතු පිරිසක් එම දරිද්‍රතා මටමෙනුත් පහළ අන්ත දිළිඳු මට්ටමට පත්
වීමේ අවදානමක් ඇතිව තිබෙන්නට හැකිය. ලෝක බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ලෝකයේ මිලියන 50ත්
60ත් අතර ජනගහනයක් දිළිඳු බවිනුත් අන්ත දිළිඳුභාවට මෙම තත්වය අනුව පත්ව තිබේ.
එහෙත් මෙම තත්වය එසේ තිබියදීත් සාධනීය ප්‍රතිපත්තින්
රජය විසින් ක්‍රියාත්මක කරන අයුරු පසු ගිය කාල සීමාව තුළ දක්නට ලැබිණි. ඒ අනුව එම ක්‍රියාමාර්ග
වෙතින් කිසියම ධනාත්මක අගයක් එක් කරනු ලැබිය. ඒ අතුරින් දිලින්දන්න්ට හා වැඩිහිටියනට ආධාර දීම, කල්බදු අය
කිරීම තාවකාලිකව නතර කිරීම, සහනාධාර ලබාදීම ආදිය ප්‍රධාන වේ. එම කටයුතු සහ නිසි ක්‍රමවේදයක්
අනුව සිදු කරන ලද රෝග පාලන කටයුතු නිසා රටේ රෝග ව්‍යාප්තිය සාධනීය මට්ටමකට පාලනය කිරීමට
රජයට හැකි වී තිබේ. රජය විසින් රෝග නිරෝධායනය, සහන සේවා, ආධාර ලබා දීම ආදී විවිධ ක්‍රියාමාර්ග
සඳහා වියදම් කරන ලද්දේ මෙරට මහජනතාවගේ බදු මුදල් වන අතර පසුගිය කාල සීමාව තුළදී රජයේ
ආදායම සැලකියයුතු පහළ ගිය අතර ඒ ඔස්සේ අයවැය හිගයක් නිර්මාණය වීමේ ඉඩකඩක් උදා විය.
මෙය ආර්ථික කඩා වටිමක්ද?
මෙම තත්වය ආර්ථිකය බිඳ වැටීමක් ලෙස හඳුනා ගත හැකිය.
විශේෂයෙන්ම ශ්‍රමය හා අනෙකුත් නිෂ්පාධන සාධක විශාල ප්‍රමානයක් අපතේ යාම මේ තත්වය තුල
සිදු වූ අතර එයින් නිෂ්පාධන ක්‍රියාවලිය නොසිතූවිරු ලෙස පසුබෑමකට ලක්විය. වසර 1930දි
සිදු වූ මහා ආර්ථික පරිහානිය, 2008 ලෝක මූල්‍ය අර්බුදය වැනි සිදුවීම් හේතුවෙන් ගෝලීය
ආර්ථිකය කඩා වැටීම් වලට ලක් වූ අතර එමගින් ආර්ථිකයන්හි ගැටළු තීව්‍ර වූ බව පෙනෙයි. මෙම තත්වයද එවැනිම ආකාරයේ ප්‍රවනතාවයක් ලෙස හඳුනා ගැනීමට
හැකිය. වසර 1930 දී සිදු වූ ආර්ථික අවපාතය සමනය කිරීම සඳහා නව ආර්ථික දර්ශනයක්ද ගොඩ
නැගුනු බව මේ මෙහොතේ මතක් කිරීම වටී. ඒ කෙන්සියානු ආර්ථික දර්ශනයයි. ජේ. එම්. කේන්ස්
නම් ආර්ථික විද්යාඥයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම අදර්ශනයේ පදනම වුයේ ආර්ථිකයේ කටයුතු
සඳහා රාජ්‍ය මැදිහත් වීම වැඩි කිරීම තුලින් සමස්ත ඉල්ලුම කළමනාකරණය කිරීමේ ක්‍රම වේදය
යි.
මේ තත්වය ඔස්සේද සිදුව තිබෙන්නේ සමස්ත ආර්ථිකයේ
භාණ්ඩ හා සේවා වෙත පවතින ඉල්ලුම බිඳ වැටීමයි. සාපේක්ෂව සැපයුම් අංශයේද
සැලකියයුතු බිඳවැටීමක් සිදුවී තිබෙන බව පැහැදිලිය.
දැන් රජය කළ යුත්තේ කුමක්ද?
ආර්ථිකය ගොඩ නැංවීමට ශ්‍රී ලංකාව වැනි මිශ්‍ර
ආර්ථික ලක්ෂණ පෙන්නුම් කරනු ලබන රටක් විසින් ගත යුතු මෙන්ම ගතහැකි ප්‍රමුඛ ක්‍රියාමාර්ග
කිහිපයක් පවතී.
මුලිකවම මෙරට ආනයන අපනයන ක්‍රමවේදයේ සැලකියයුතු
වෙනස්කම් රාශියක් සිදු කිරීම අත්‍යාවශ්‍යය වේ.
විශේෂයෙන්ම මෙතෙක් ලංකාව අපනයනය කරන ලද භාණ්ඩ
හා සේවා දෙස බැලීමේදී කෘෂි අපනයන වලින් බොහොමයක් ප්‍රාථමික අමුද්‍රව්‍ය බවට පහඳුනා
ගත හැකිය. එහෙයින් තව දුරටත් එම භාණ්ඩ සඳහා අගය එකතු කරමින් අපනයනය කිරීමට පියවර ගැනීම
අත්‍යාවශ්‍යය වේ.
ආනයන සිමා කිරීම හා අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා
බදු පැනවීම තුලින් ඒවා ගෙන්වීම අවම කිරීම කලහැකිය. දේශීය වශයෙන් නිපදවිය හැකි
හා දේශීයව සපයා ගත හැකි ආහාරපාන ඇතුළු බොහෝ නිෂ්පාධන ආනයනය කිරීම වහාම නතර කල යුතු
අතර ඒවා දේශීය මටටමෙන් නිපදවීම ආරම්භ කිරීම සිදු කල යුතුය. එවිට විදේශයට ගලා යන විනිමය අවම වෙනවා සේම දේශීය නිෂ්පාධකයන් බිහි වීමත් සිදුවේ. එය විදේශ ව්නිමය අනුපාතය ශක්තිමත් කිරීමටද යහපත් ව බලපානු ඇත.
නිසි ඉල්ලකක්ගත අරමුණු හා ප්‍රතිඵල සහිත ආයෝජන
වල රජය විසින් ආයෝජනය කිරීම.
මෙතෙක් කාලයක් සිදු වූ බොහෝ ආයෝජන ඉලක්කගත ප්‍රතිපල මත හෝ දිගු
දැක්මකින් යුතුව සිදු කිරීම නොවේ. බොහෝ විට දේශපාලකයන්ට අවශ්‍ය විදියට මෙහෙය වීමයි.
හැකිතාක් ආයෝජන ප්‍රතිඵල ජනනය වන පරිදි මෙහෙය වීම අවශ්‍ය වේ. එහිදී ඒ එක් එක් අංශයේ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ. නොවුනහොත් මහන්ජන සම්පත්
තවදුරටත් නාස්තියට ලක් වේ.
රටේ පාඩු ලබන ආයතන දෙස නැවත අධ්‍යයනය කිරීම මේ මොහොතේ අතවශ්‍ය
කරුණකි. මෙරට බොහෝ සේවා සපයන රජයේ ආයතන පාඩු ලබන්නේ ඒවා පවත්වාගෙන යාමේ පිරිවැය ඉහල නිසා නොවන බව මාගේ මතයයි. ඒවා පාඩු ලබන්නේ ඒවායේ පවතින අකාර්යක්ෂමතාව, නාස්තිය
හා දුෂණය නිසාවෙනි. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට නම් නිසි නියාමන ක්‍රම වේදයක්
ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. එමෙන්ම එම ආයතන නිසි අධ්‍යයනයකට ලක් කරමින් වාර්ෂිකව
ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව දිරිදීමනා හා උසස්වීම් ලබා දීම කිරීම අනිවාර්ය වේ.(සේවකයින් සඳහා නිසි ඇගයීම් ක්‍රමවේදයක් අවශ්‍ය වේ.)
තවදුරටත් සහනාධාර හා දීමනා ලබා දෙන ක්‍රමවේදය වෙනුවට දිළින්දන්ට නැගී සිටියහැකි නිසි ක්‍රමවේදයන් ගොඩ නැගීම අත්‍යාවශ්‍යය වේ. ඒ අනුව කුඩා හා මධ්‍යපරිමන කර්මාන්ත, ස්වයං රැකියා, හස්ත කර්මාන්ත ආදිය ප්‍රවර්ධනයත් ඒ සඳහා ජනතාව දිරි ගැන්වීමත් අවශ්‍ය වේ.
මෙතෙක් උපයෝජනය නොකරන ලද රජයේ සම්පත් හා ඌන උපයෝජිත සම්පත් ප්‍රයෝජනයට ගැනීම අවශ්‍යවේ. මේවන විට වසා දමා තිබෙන හා විනාශයට පත්වන රජයේ කර්මානත ශාලා නැවත ගොඩ නැගීම අවශ්‍ය වේ. ඒ අනුව උදාහරණයක් ලෙස කර්මාන්ත ශාලා පණ ගානවා රටට අවශ්‍ය සිනි,කඩදාසි ආදීය උපරිම ධාරිතාවයෙන් රටතුලම නිපදවීමට ක්‍රියා කල යුතුය.
රජය විසින් පෞද්ගලික අංශයට ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට දායක වීමේ ඉඩ ප්‍රස්තා පුළුල් කිරීම වැදගත් වේ. රජය වැඩි වශයෙන් ආයෝජන කිරීමට ගියහොත් පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා ගිලිහී යාමට හැකිය. මෙය ආර්ථික විද්‍යානුකුලව නම් අප හඳුන්වන්නේ තෙරපා හැරීමේ ප්‍රතිවිපාකය ලෙසයි.(crowding out effect) මෙහිදී සිදුවන්නේ රජය විසින් පමණ ඉක්මවා මැදිහත්වීමෙන් පුද්ගලික අංශයේ ආයෝජන සීමා වීමයි.
ඉහත දක්වන ලද්දේ රජයට පවතින ආර්ථික තත්වයෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පමණි.
ප්‍රතිපත්ති සම්පාදකයන් හා ආර්ථිකය මෙහෙයවන්නන් නිවැරදි හා පැහැදිලි ආර්ථික දැක්මක් ගොඩ නගා ගනිමින් ආර්ථිකය මෙහෙය වීම මේ මොහොතේ අවශ්‍යයම වේ. නව්‍ය කොරෝන උවදුරෙන් සමස්ත ආර්ථිකයට වූ බලපෑම සමනය වීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත. එහෙත් පවතින තත්වය තුල ආර්ථිකයට කළහැකි හොදම හා කාලෝචිත දෙය ලෙස මා දකින්නේ නිවැරදි ආර්ථික කළමනාකරණයයි. එසේම නිවැරදි ලෙස සම්පත් බෙදා හැරීම ඔස්සේ මෙහෙය වීමයි.
---------------------------
සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්
සේයා රූ- අන්තර්ජාලයෙනි.
රජය විසින් පෞද්ගලික අංශයට ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට දායක වීමේ ඉඩ ප්‍රස්තා පුළුල් කිරීම වැදගත් වේ. රජය වැඩි වශයෙන් ආයෝජන කිරීමට ගියහොත් පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා ගිලිහී යාමට හැකිය. මෙය ආර්ථික විද්‍යානුකුලව නම් අප හඳුන්වන්නේ තෙරපා හැරීමේ ප්‍රතිවිපාකය ලෙසයි.(crowding out effect) මෙහිදී සිදුවන්නේ රජය විසින් පමණ ඉක්මවා මැදිහත්වීමෙන් පුද්ගලික අංශයේ ආයෝජන සීමා වීමයි.
ඉහත දක්වන ලද්දේ රජයට පවතින ආර්ථික තත්වයෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පමණි.
ප්‍රතිපත්ති සම්පාදකයන් හා ආර්ථිකය මෙහෙයවන්නන් නිවැරදි හා පැහැදිලි ආර්ථික දැක්මක් ගොඩ නගා ගනිමින් ආර්ථිකය මෙහෙය වීම මේ මොහොතේ අවශ්‍යයම වේ. නව්‍ය කොරෝන උවදුරෙන් සමස්ත ආර්ථිකයට වූ බලපෑම සමනය වීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත. එහෙත් පවතින තත්වය තුල ආර්ථිකයට කළහැකි හොදම හා කාලෝචිත දෙය ලෙස මා දකින්නේ නිවැරදි ආර්ථික කළමනාකරණයයි. එසේම නිවැරදි ලෙස සම්පත් බෙදා හැරීම ඔස්සේ මෙහෙය වීමයි.
---------------------------
සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්
සේයා රූ- අන්තර්ජාලයෙනි.
Comments
Post a Comment