Posts

Image
  ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන්   ප්‍රවාහන හා සැපයුම්  අංශයේ  දායකත්වය  හා අනාගතය   සටහන ;ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව ප්‍රවාහන (Transport) හා සැපයුම් අංශයේ ( Logistics) දායකත්වය ඉහල නැංවීම ජාතික ආර්  තිකයේ  ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. නාවික, ගුවන් හා ගොඩබිම ආදී සියලු අංශ වලින් ලංකාව මරමස්ථානයක් බවට පත්ව තිබීමත්, භූමියේ පිහිටීම නිසාවෙන් රටක් ලෙස ප්‍රවාහන හා සේවා අංශයේ ජාත්‍යන්තර වෙළඳාම ඔස්සේ  ලබා ගතහැකි වාසි දායක තත්වය ද    ඉහල ගොස් තිබේ.  ශ්‍රී ලංකාවේ  දළ දේශීය නිෂ්පාදිතයට  මේ වන විට ප්‍රවාහන සේවා අංශය ( Logistics)   2.5% කට ආසන්න දායකත්වයක් දක්වයි. එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුල්‍යමය වටිනාකමකි. මේවා අතර භාණ්ඩ ප්‍රවහන ආශ්‍රිත බහාලුම් ( container trucking ),ගබඩාකිරීම් ( warehousing ) වරාය හා නැව්ගත කිරීම් ( ports and shipping ) ප්‍රධාන වේ. විශේෂයෙන්ම දේශීය වශයෙන් වන මගී ප්‍රවාහනය, ධීවර  ආශ්‍රිත වන කටයුතු කෙරෙහි දක්වන දායකත්වය ජාතික ගිණුම් කරණයේදී මේ යටතට ගණනය නොවේ. ...
Image
  උද්ධමනය නිසා ඉස්සරහට මොකද වෙන්නේ?   පාන් ගෙඩිය රුපියල් 500 වී, හාල් කිලෝව රුපියල් 400 වෙයිද? ඉතිරිකිරීම් වල වටිනාකම තවත් අඩු වෙයි ද? තුන් වේලෙන් එක වේලක් වත් කන්න පුළුවන් වෙයිද? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්.   ශ්‍රී ලාංකේය ආර් ථිකය මේ වන විට පවතින්නේ අතිශය අර් බුද කාරී තත්වයක බව බොහෝ දෙනෙකුට පෙනී යන කරුණකි. මේ මොහොතේ දී ත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සේවා සැපයීම පවා අභියෝගයකට පැමිණ තිබේ.  ආනයන අපනයන  තත්වයන්ගේ සැලකියයුතු ගැටලුකාරී තත්වයක් මතුව පෙනේ. විශේෂයෙන් ම ආනයන අපනයන ඇසුරෙන් වන ඩොලර් හිගය මෙම ගැටලුව  තව තවත්  ඉහල යාමට හේතු සාධක වී ඇති බව නොරහසකි. ආසියාවේ ඉහලම උද්ධමනය පවතින   රට බවට ශ්‍රී ලංකාව  පත්වී තිබෙන අතර ලෝක බැංකුව සඳහන් කරන  පරිදි ආහාර උද්ධමනයෙන් ලෝකයේ 5 වන තැනට ශ්‍රී ලංකාව මේ වසරේ අගෝස්තු අවසානය වන විට පත්ව තිබේ. ලෙබනනය,සිම්බාබ්බේ,වෙනිසියුලා හා තුර් කිය මුල් ස්ථාන වල පසු වේ. එහි නවවෙනි ස්ථානයේ පසු වන්නේ ඉතියෝපියාව ය. උද්දමනය ලෙස හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහල යාමයි. එය එක භාණ්ඩයක් හෝ දෙකක මිල ඉහල යාම...
Image
  රටේ භාණ්ඩ   මිල අහස උසට යයිද? දැන් තියෙන තත්වය මත මුදල් වලින් වත්කම් ඉතිරි කරොත් මොකද වෙන්නේ? හෙට ගැන සිතා අද පාරිභෝජනය කරමුද? සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල මට්ටම හමුවේ මේ වන විට ජනතාව අතිශය පිඩාවට පත්ව සිටින බව පෙනෙන්ට තිබෙන කරුණකි. අතෙකින් දිනෙන් දින උග්‍ර වන කොරෝනා අර්බුදයත්,තවත් අතෙකින් පනවා තිබෙන සංචරණ සීමා ආදී තත්වයන් නිසාත් බැට කන ජනතාවට එදිනෙදා පාරිභෝජනය සඳහා භාවිත කරන භාණ්ඩ හා සේවා මිල දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති  බව මාගේ වැටහීමයි. මේ සියලු තත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි. පවතින තත්වය අනුව රටේ සැලකියයුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ඉහළ ගොස් තිබෙන බව නොරහසක්. මෙවැනි අභියෝගාත්මක කාලයක එවැන්නක් සිදුවීම අහම්බයක් නොවේ. මෙරට භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුමට ප්‍රමාණවත්   සැපයුමක් නොවීමත්, නිෂ්පාදනය හා ආනයනය කෙරෙහි පවතින රෙගුලාසි ආදියත් මේ සඳහා හේතු වී ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර කෙරෙහි පවතින සීමා මේ කෙරෙහි බලපා තිබෙනවා. සීනි, හාල් ආදිය   කෙරෙහි රජය වෙතින් මිල ...
Image
  කොරෝනා සමග   2021 ආර්ථික සටන සටහන ; ඉසුරු සම්පත් තෙන්නකෝන් කොවිඩ් 19 නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝකය වෙලාගත් ව්‍යවසනයක් බවට පත්ව තිබේ. ලෝකයේ ආර්ථික මට්ටමින් ශක්තිමත් රටවල සිට ඉතා දිළිඳු ආර්ථිකයන් පවතින රටවල් දක්වාම මෙම වෛරසයේ බලපෑම නොවඩුව ලැබෙමින් පවතී. වෛරසය නිසා ආර්ථික දේශපාලනික මෙන්ම සෞඛ්‍ය අවදානමකට මුලු මහත් ලෝකයම පත්ව තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉනික්බිති යුරෝපය හා අප්‍රිකාවත්, ආසියාවත් ආක්‍රමණය කරමින් වර්ධනය වූ මෙම ව්‍යවසනය නිසා බලවත්ම පීඩාවට පත් වූ රාජයන් අතරට ඇමරිකාව,රුසියාව,ඉතාලිය ,ජර්මනිය මෙන්ම අප අසල්වැසි ඉන්දියාවද පත්ව ඇත. ලොව අනෙකුත් සියලුම රටවල් වලද සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් මේ විට වාර්තාවෙමින් පවතින අතර, මේ තත්වයන් සමස්ත මානවයාගේ ආර්ථික ක්‍රියාකාරකම් පමණක් නොව මානව සංහතියේ පැවැත්මටද අභියෝගයක් වෙමින් පවතී. 2021 ජනවාරි ආරම්භය වන විට ශ්‍රී ලකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පනස් දහසට ආසන්න වෙමින් පවතින අතර මේ වන විටත් කොරෝනා රෝගී තත්වය බලපෑමෙන් මිය ගිය පිරිස දෙසියය ඉක්මවා ඇත. අතෙකින් ජන ජීවිතය අභියෝගයට ලක් වෙමින් සියලු ආර...
Image
  එලොව පොල් පෙනෙන පොල් මිල, ලංකාවේ පොල් නිෂ්පාධනය හා මිල පාලනය සටහන ;  ඉසුරු සම්පත් තෙන්නකෝන් පොල් වර්තමානයේ අපගේ ආර්ථිකය වඩාත් ජනප්‍රිය කතිකාවට භාජනය වූ භාණ්ඩයකි. ඒ ආර්ථිකය තුල සැලකියයුතු ලෙස මිල ගණන ඉහල යාමත්, එම තත්වය පාලනය කිරීම සඳහා පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ උපරිම මිල පාලනයත් නිසාය. මේ ලිපියේ අවධානය යොමු වන්නේ මෙරට පොල් නිෂ්පාධනය, එහි ආර්ථික වටිනාකම මෙන්ම ඒ ආශ්‍රිත ආදායම් හා මිල පාලනයේ ප්‍රබලතා හා දුබලතා පිළිබඳවය. වසර 1948 න් පසු මෙරට ආර්ථිකයේ ප්‍රධානතම ආදායම් උත්පාදකයා බවට මෙරට වාණිජ බෝග වගාවන් පත්විය. ඒ අතර තේ, පොල් හා රබර් අපනයනයේදී ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසි පැවතුණි. එමෙන්ම මෙරට අපනයන ආදායම් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් උත්පාදනය විය. එහෙත් පසුකාලීනව කෘෂි අපනයන සඳහා වන සාපේක්ෂ වාසි අවම වීමත් සමග එම නිෂ්පාධන වලින් ලංකාවට ලැබෙන ආදායම අඩු වීමට පටන් ගත්තේය. වර්තමානය වනවිට අපගේ මූලික අපනයන ආදායම් උත්පාදන මාර්ග ලෙස සාම්ප්‍රදායික අපනයන වල දායකත්වය අවම වී තබේ. එහෙත් තවමත් තේ, පොල්, රබර් ආදිය අපනයන අතර පවතී. ලංකාව...