ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් ප්‍රවාහන හා සැපයුම් අංශයේ දායකත්වය හා අනාගතය
සටහන ;ඉසුරු සම්පත් තෙන්නකෝන්
ශ්‍රී ලංකාව ප්‍රවාහන (Transport) හා සැපයුම් අංශයේ (Logistics) දායකත්වය ඉහල නැංවීම ජාතික ආර් තිකයේ ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. නාවික, ගුවන් හා ගොඩබිම ආදී සියලු අංශ වලින් ලංකාව මරමස්ථානයක් බවට පත්ව තිබීමත්, භූමියේ පිහිටීම නිසාවෙන් රටක් ලෙස ප්‍රවාහන හා සේවා අංශයේ ජාත්‍යන්තර වෙළඳාම ඔස්සේ ලබා ගතහැකි වාසි දායක තත්වය ද ඉහල ගොස් තිබේ.
මෑත කාලීනව සිදු කරන ලද ආයෝජන හා සංවර් ධන වැඩසටහන් අතර කොළඹ වරාය පුළුල් කිරීම, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල නැවත සක්‍රිය ලෙස භාවිතයට ගැනීම මෙන්ම අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හඳුනාගත හැකිය. ඒවායේ පවතින වාසි හෝ අවාසි මෙහිදී කතිකා නොකෙරෙන අතර විශේෂ ලෙස සලකා බලන්නේ පහසුකම් සම්පාදනය පිළිබඳව පමණි.
අප රට තුළ දකුණු ආසියාවේ ඉහළම මාර් ග ඝනත්වය ද ඇති බව ගණනය වන අතර එය , වර් ග කිලෝමීටර 100 ක භූමි ප්‍රමාණයකට කිලෝමීටර් 173.9 ක මාර් ග පහසුකම් ලෙස දැක්වෙන අතර, ඒවා සියලු ප්‍රධාන වරායන් සහ ගුවන් තොටුපළවල් සම්බන්ධ කරයි. රට තුළ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ 22 ක් ද පවතින අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් පහක් මඩකලපුව, කොළඹ, හම්බන්තොට සහ යාපනයේ පිහිටා ඇත. මෙම පිහිටීම සේවා සැපයීමේ ක්‍රියාවලිය සුමට කිරීමටත්, සේවා පරිමාව පුළුල් කිරීමටත් යෝග්‍ය තත්වයකි.
ලෝක බැංකුව විසින් වසරක් පාසා නිකුත් කරන ගෝලීය සේවා කාර් ය සාධන දර් ශකය (logistics performance index ) හි 2023 වාර් තාව මගින් දකුණු ආසියාවේ රටවල් වල ප්‍රවහන සේවා සැපයුම් වල අගය දක්වා ඇත. මෙම අගයන් 1- සිට 5 දක්වා අගයක් යටතේ දක්වන අතර 1 යනු අවම අගයත් 5 යනු උපරිම අගයත් ලෙස සලකයි.එහි දත්ත අනුව වසර 2023 දී දකුණු ආසියාවේ සේවා සැපයුම් අගය
2.64කි. ඒ අනුව දකුණු ආසියාව තුල තව දුරටත්
පහසුකම් ඉහළ නැංවීම අවශ්‍ය බව ඉස්මතු වේ.
දකුණු ආසියාතික රටවල් වෙන් වෙන් ව ගෙන අගය සැසදීමේදී ඉන්දියාව එහි ඉහලම අගය තුල සිටින අතර සැලකියයුතු ප්‍රගතියක් අදාල අංශ තුල මේවන විටත් ඉන්දියාව සිදු කර ඇත. ගබඩාකරණය ප්‍රවාහනය හා ප්‍රති අපනයනය
සඳහා වන යටිතල පහසුකම් වැඩිදියුණුව මෙන්ම අදාළ සේවා සැපයීමට අවශ්‍යය වන නීතිමය මෙන්ම ආයතනික
ක්‍රියා පටිපාටි පවා මේවන විට ඉන්දියාවේ සුමට කර තිබේ.
ඉන්යාවට පසුව දෙවෙනියට වැඩිම අගය තිබෙන ලංකාවට මෙම අගය ඉක්මවා වඩාත් ඉහල අගයක්
කරා යාමේ විභව තාවය පවතී.
රට වසර දැනට ඇති අගය ඇෆ්ගනිස්ථානය 2022
1.90 බංගලාදේශය 2022 2.60 භූතානය 2022 2.50 ඉන්දියාව 2022 3.40 මාල දිවයින 2018 2.67 නේපාලය 2018 2.51 පකිස්ථානය 2018 2.42 ශ්‍රී ලංකාව 2022 2.80 මුලාශ්‍රය-https://data.worldbank.org/-2023 |
ඉදිරි
ප්‍රතිපත්ති හා සැලසුම් මේ කෙරෙහි අවධානය යොමු කරමින් මුලිකත්වය ගෙන සිදු කරන්නේ නම්
අපනයන ආදායම පමණක් නොව බහාලුම් කළමනාකරණය තුලින් හා ඒ ආශ්‍රිත සේවා සැපයීමෙන් ලබා ගත
හැකි විදේශ විනිමය ප්‍රතිශතය ඉහල දමා ගැනීමට හැකිවන බව නොවනුමානය.
තොරතුරු ආයෝජන සංවර්ධන මණ්ඩලය හා ලෝක බැංකුව ඇසුරෙනි.
සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්ගෙනි.
Comments
Post a Comment