Posts

Image
ආර්ථිකයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග සහ කාලීනව නවීකරණය වීමේ අවශ්‍යතාවය සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන් ප්‍රවාහනය මෙම වකවානුව තුල ඉතා බහුලව කතිකාවට නැගුණු මාතෘකාවකි.   ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය ආදී වශයෙන් වන විවධ අංශ   ඇසුරෙන් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳව රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. විශේෂයෙන්ම ලාංකීය  පොදු ප්‍රවාහන සේවය ආර්ථිකය සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වයි. විශේෂයෙන්ම තම තමන්ගේ පෞද්ගලික රථ වාහන භාවිතයට සාපේක්ෂව, බස් රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අති විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බව නොරහසකි. විශේෂත්වය වන්නේ ප්‍රවාහනය හා ඒ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය යන්න ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකයක් බවට වර්තමානය වන විට පත් ව තිබීමයි. මේ ලිපිය ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග හා නවීකරණය වීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ විමසා බැලෙයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය. ආර්ථිකයක මූලික සංවර්ධන ක්‍රමෝපායන් බවට පත්වන්නේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය යි. ජලය, විදුලි...
Image
ඉහළ යන භාණ්ඩ හා සේවා මිල, පුද්ගල ක්‍රය ශක්තිය මත සහ ආර්ථිකය තුළ කරන බලපෑම. සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන් “දැන් කඩවල් වල   එළවලු, හාල් පොල්   හරි ගණන්. මෙහෙම ගියොත් කන්න බොන්නවත් ගන්න පඩියෙන් බැරි වෙයි.” කම්කරුවෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු විසින් වෙළඳ සැලකින් භාණ්ඩ මිල   දී ගන්නා   අතරතුර එහි සිටි තවත් පුද්ගලයෙකු ඇමතීය. ‘කෝ ඉතින්, හාල් පොල් ටික ගන්නවත් ගන්න මුදල ඉතිරියක් නෑ නේ, කඩවල්වලත් අස්ප ගණන්. වේලක් කාල වේලක් නොකා තමයි ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්’ ඊට පිළිතුරු බඳිමින් අනෙක් පුද්ගලයා කිවේය. අනෙකුත් භාණ්ඩ වලට වඩා එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ මිල ඉහළ යාම අප බොහෝ දෙනාට සංවේදීව දැනෙන කරුණකි. එමෙන්ම එය අපගේ මාසික වේතනයේ වියදම සීමා කරවන තත්වයකි. සරළව කිවහොත් අපේ පඩියෙන් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය කරන්නකි. එහෙයින් මෙම මාතෘකාව පිළිබඳ කතිකාව කාලීන කතිකාවක් වනු නොවනුමාන ය. පාරිභෝජන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ඒ ඔස්සේ පුද්ගලයන්ගේ ජීවන වියදම ඉහළයාමත් වර්තමාන සමාජයේ නිතර දෙවේලේ කතිකාවට ලක්වන්නකි. සැබවින්ම මෙම භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ති...
Image
රටක කෘෂි ආර්ථිකයට හිමි තැන එම ආර්ථිකයේ ශක්‍යතාවය තීරණය කරන්නේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් අපේ රටේ කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව නිතරම පාහේ කතිකාවට ලක්වන බව පෙනී යයි. ගොවියා ශක්තිමත් කිරීම, කෘෂිකර්මාන්තය දියුණු කිරීම ආදී යෝජනා නිතරම පාහේ අසන්නට, දකින්නට ලැබෙයි. අද මේ ලිපිය ඔස්සේ කතිකා කෙරෙන්නේ ශ්‍රී ලංකාව වැනි රටක කෘෂිකර්මාන්තය ආර්ථිකයට දක්වන දායකත්වය, කෘෂිකර්මාන්තය හා දුප්පත්කම මෙන්ම අනාගතයේදී කෘෂිකර්මාන්තය   යා යුත්තේ කොතනටද යන කරුණු කාරණා පිළිබඳවයි. ආර්ථිකයක ප්‍රධානතම ආදායම් එම ආර්ථිකයේ සමස්ත නිෂ්පාදිතයයි. වෙනත් අයුරින් දක්වන්නේ නම් එම ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එනම් කිසියම් නිශ්චිත කාලයක් තුළ, එම ආර්ථිකය තුළ නිපදවෙන ලබන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය යි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ප්‍රධානතම ආර්ථික අංශ තුනක් සළකා බලනු ලැබේ. ඒවා   කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය හා සේවා අංශය වන අතර, එම එක් එක් අංශයන් සමස්ත නිෂ්පාදිතයට වන දායකත්වය අනුව ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය සමන්විත වේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයට   දැනට දක්වන ...
Image
කෘෂි- සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ එම කර්මාන්තයට පවතින විභවතාවය සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්  සංචාරක ආකර්ෂණය සඳහා කෘෂිකර්මය භාවිත කරනේ කෙසේද යන කතිකාව මේ වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ ගොඩ නැගෙමින් පවතින යුගයක මෙම මාතෘකාව පිළිබඳව කිසියම් කතිකාවක් හා අවබෝධයක් අප සතුව පැවතිය යුතු බැවින් මෙම ලිපිය ඔස්සේ කෘෂි සංචාරක කර්මාන්තය සහ එහි වර්තමාන භාවිතයත්, එම ක්ෂේත්‍රය සංවර්ධනයේ පවතින අවශ්‍යතාවයත් පිළිබඳව කරු ණු ඉදිරිපත් කෙරෙයි. සංචාරක කර්මාන්තය ( Tourism ) වර්තමානය වන විට ලොව ඉතා ජනප්‍රිය හා ඉහළ ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය තුළ පවා විවිධ වූ බෙදීම් දක්නට ලැබේ. කෘෂි සංචාරක කර්මාන්තය ( Agro-Tourism ) යනු ඉන් එකකි. ඒ ඔස්සේ කියැවෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම හා ඒ ඔස්සේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමත්, කෘෂි කර්මාන්තය හරහා ආදායම් ඉපදවීමත් ය. කෘෂිකර්මාන්තය බොහෝ විට පදනම් වන්නේ ඒ ආශ්‍රිත   සමාජ, සංස්කෘතික හා ආර්ථික වපසරිය පදනම් කර ගනිමිනි. ඒ ඔස්සේ එක් එක් ආර්ථික සමාජ හා සංස්කෘතික වටපිටාව පදනම් කර ගනිමින් කෘෂිකාර්මික රටාවේ අනන්‍ය ලක්ෂණ පෙන්නුම්...
Image
තරුණ සේවා වියුක්තියේ නොපෙනෙන පැත්ත. සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් සේවා වියුක්තිය හෙවත් රැකියා නොමැතිකම ආර්ථික විද්‍යානුකූලව නිර්වචනය කෙරෙන්නේ ආර්ථිකමය වශයෙන් ක්‍රියාකාරී   කිසියම් පුද්ගලයෙකුට   සිය කායික හෝ මානසික ශ්‍රමය මගින් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා යොදා ගැනීමට අපොහොසත් වන තත්වයක් යනුවෙනි. සේවා වියුක්තියේ විවිධ ප්‍රබේධ පවතින අතර එම තත්වයනට රැකියාවක් නොමැතිකම පමණක් බලනොපාන අතර, ඇතැම් විට රැකියාවක් පැවතුනත් එම පුද්ගලයන්ගේ රැකියාව, අධ්‍යාපන සුදුසුකම් මෙන්ම ඔවුන්ගේ අපේක්ෂා යන්න මත වෙනස් වීම් වලට බලපායි. රටක සේවා කිරීමට හැකි ජන ප්‍රමාණයත්, (ශ්‍රමය සැපයීමට) සේවා කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයත් ශ්‍රම බලකාය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව ශ්‍රම බලකාය යනු සේවා නියුක්තිකයන් සහ සේවා වියුක්තිකයන්ගේ එකතුවකි. සේවා වියුක්ති   ජන කොටස ලෙස ගණනය කරෙන්නේ රැකියාවක් නොමැති හා  එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සමස්ත ප්‍රමාණයයි. එය සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම සේවා වියුක්ති අනුපාතය යි. එම සේවා වියුක්තිකයන් අතර තරුණ හා වැඩිහිටියන් කාන්තා පිරිමි භේදයකින් ...