Posts

Image
කෘෂි- සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ එම කර්මාන්තයට පවතින විභවතාවය සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්  සංචාරක ආකර්ෂණය සඳහා කෘෂිකර්මය භාවිත කරනේ කෙසේද යන කතිකාව මේ වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ ගොඩ නැගෙමින් පවතින යුගයක මෙම මාතෘකාව පිළිබඳව කිසියම් කතිකාවක් හා අවබෝධයක් අප සතුව පැවතිය යුතු බැවින් මෙම ලිපිය ඔස්සේ කෘෂි සංචාරක කර්මාන්තය සහ එහි වර්තමාන භාවිතයත්, එම ක්ෂේත්‍රය සංවර්ධනයේ පවතින අවශ්‍යතාවයත් පිළිබඳව කරු ණු ඉදිරිපත් කෙරෙයි. සංචාරක කර්මාන්තය ( Tourism ) වර්තමානය වන විට ලොව ඉතා ජනප්‍රිය හා ඉහළ ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය තුළ පවා විවිධ වූ බෙදීම් දක්නට ලැබේ. කෘෂි සංචාරක කර්මාන්තය ( Agro-Tourism ) යනු ඉන් එකකි. ඒ ඔස්සේ කියැවෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම හා ඒ ඔස්සේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමත්, කෘෂි කර්මාන්තය හරහා ආදායම් ඉපදවීමත් ය. කෘෂිකර්මාන්තය බොහෝ විට පදනම් වන්නේ ඒ ආශ්‍රිත   සමාජ, සංස්කෘතික හා ආර්ථික වපසරිය පදනම් කර ගනිමිනි. ඒ ඔස්සේ එක් එක් ආර්ථික සමාජ හා සංස්කෘතික වටපිටාව පදනම් කර ගනිමින් කෘෂිකාර්මික රටාවේ අනන්‍ය ලක්ෂණ පෙන්නුම්...
Image
තරුණ සේවා වියුක්තියේ නොපෙනෙන පැත්ත. සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් සේවා වියුක්තිය හෙවත් රැකියා නොමැතිකම ආර්ථික විද්‍යානුකූලව නිර්වචනය කෙරෙන්නේ ආර්ථිකමය වශයෙන් ක්‍රියාකාරී   කිසියම් පුද්ගලයෙකුට   සිය කායික හෝ මානසික ශ්‍රමය මගින් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා යොදා ගැනීමට අපොහොසත් වන තත්වයක් යනුවෙනි. සේවා වියුක්තියේ විවිධ ප්‍රබේධ පවතින අතර එම තත්වයනට රැකියාවක් නොමැතිකම පමණක් බලනොපාන අතර, ඇතැම් විට රැකියාවක් පැවතුනත් එම පුද්ගලයන්ගේ රැකියාව, අධ්‍යාපන සුදුසුකම් මෙන්ම ඔවුන්ගේ අපේක්ෂා යන්න මත වෙනස් වීම් වලට බලපායි. රටක සේවා කිරීමට හැකි ජන ප්‍රමාණයත්, (ශ්‍රමය සැපයීමට) සේවා කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයත් ශ්‍රම බලකාය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව ශ්‍රම බලකාය යනු සේවා නියුක්තිකයන් සහ සේවා වියුක්තිකයන්ගේ එකතුවකි. සේවා වියුක්ති   ජන කොටස ලෙස ගණනය කරෙන්නේ රැකියාවක් නොමැති හා  එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සමස්ත ප්‍රමාණයයි. එය සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම සේවා වියුක්ති අනුපාතය යි. එම සේවා වියුක්තිකයන් අතර තරුණ හා වැඩිහිටියන් කාන්තා පිරිමි භේදයකින් ...
Image
සුබසාධනවාදී ආර්ථික ප්‍රතිපත්ති සහ දුප්පත්කම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ගැටලුවක්ද? සටහන;ඉසුරු සම්පත් තෙන්නකෝන්. දුප්පත්කම,දිළිදුකම නැතහොත් දරිද්‍රතාවය යන්න ආර්ථිකයක සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. දරිද්‍රතාවය, අවම ආර්ථික වර්ධනය, විරැකියාව හා ආර්ථික විෂමතාවය යන්න සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීයමය වශයෙන් මුහුණ දෙන ගැටළුවක් බවට පත්ව තිබේ. සාපේක්ෂ දරිද්‍රතාවය හා නිරපේක්ෂ දරිද්‍රතාවය යනුවෙන් අධ්‍යයනයේ පහසුව පිණිස දරිද්‍රතාවයේ ප්‍රධාන අංග දෙකක් ඔස්සේ අධ්‍යයනය කිරීමට හැකිය. විශේෂයෙන්ම නිරපේක්ෂ දරිද්‍රතාවය ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගලයන්ගේ එදිනෙදා ජිවිතයේ මුලික අවශ්‍යතාවන් වත් සපුරා ගත නොහැකි තත්වයක් ලෙසය. සාපේක්ෂ දරිද්‍රතාවය යන්න සරලව දැක්වුවහොත්   එය එකිනෙක ආර්ථිකයකට   සාපේක්ෂව පවතින ක්‍රය ශක්තිය , අසමානතාවය, සම්පත් හිමිකම මත පදනම් වූ දරිද්‍රතාවයයි. සාපේක්ෂව දරිද්‍රතාවය ගණනය කරන්නේ ඒක පුද්ගල ආදායම පදනම් කර ගනිමිනි. අවම වශයෙන් එක ඩොලරයක වත් ආදායමක් දිනකට කෙනෙකුට නොලැබෙන්නේ නම් ඔහු දිළිඳු   පුද්ගලයෙකු ලෙස හඳුනාගනු ලැබේ.වර්තමානය වන විට   ලෝකයේ දරිදර්තා රේඛාව ග...
Image
GSP+ බදු  සහනය ශ්‍රී ලංකාවට අහිමි වෙයිද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් බදු යනු ආර්ථිකයක ආනයන අපනයන හා වෙළඳාම පාලනය කිරීම උදෙසා රජයක්   විසින් පනවනු ලබන අනිවාර්ය වෙළඳ බාදකයකි. ඒ අනුව විවිධ බදු වර්ගයන් ආර්ථිකයක දක්නට ලැබේ. ජාත්‍යන්තර වෙළඳාමේ දී විශේෂයෙන්ම මෙම බදු බොහෝ අවස්ථා වලදී කපා හැරීම්, බදු සීමා අඩු කිරීම්   හා ඉහළ දැමීම සිදුවේ. එම බදු කපා හැරීම බදු සහනයන් ලෙසද හඳුන්වනු ලැබේ. GSP+ බදු සහනය යනු වර්තමානයේ බොහෝ කතිකාවන්ට හේතු වූ එවැනි බදු සහනයකි.   රටවල් විසි අටකින් 28 සැදුම්ලත් යුරෝපා සංගමය (EU) විසින් මෙම බදු සහනය රටකට ලබා දීමේ දී ඒ සඳහා   පූර්වයෙන් සළකා බලන ලද කොන්දේසි කිහිපයක් පවතින අතර එම කොන්දේසි කඩකළහොත් එම සහනය   ලබා නොදීමට හෝ කපාහැරීමට ද සම්පුර්ණ බලය යුරෝපානු සංගමය සතුව පවතී. යුරෝපානු   සංගමය විසින් අඩු සංවර්ධන මට්ටමක් පවතින රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත දෙනු ලබන බදු සහනයන් කොටස් තුනකි. ඒ GSP, GSP+ සහ EBA යනුවෙනි. පොදු වරණිය බදු සහනය (GSP) - මෙම බදු සහනය හිමි වන්නේ අඩු ආදායම් ලාභී ආර්ථික හා පහළ මැදි ආදායම්...
Image
  පහළ මැදි ආදායම් ආර්ථිකයක සිටි ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක්   ලෙස ලෝක බැංකුව විසින් නම් කරන ලද්දේ ඇයි? සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව 2019 ජුලි 01 දින දක්වා ලෝකයේ පහළ මැදි ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නම් කොට තිබිණ. එහෙත් ලෝක බැංකුවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මේවන විට ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයකි. මේ ලිපිය ඔස්සේ අපේක්ෂා කෙරෙන්නේ ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් ලෙස නම් කරනු ලැබුවේ කුමන හේතුව නිසාද, ඉහල මැදි ආදායම් තත්වය දක්වා ආර්ථිකයේ වෙනස්වීමේ ආර්ථික බලපෑම කුමනාකාරද යන්න අධ්‍යයනය කිරීමයි. ලෝක බැංකුව විසින් ආර්ථිකයන් ලබන ආදායම් මට්ටම් අනුව කොටස් හතරක් යටතේ වර්ග කරනු ලබයි. ඒ අනුව මෙම වර්ගීකරණය සඳහා මූලිකම පදනම වන්නේ ආර්ථිකයන් ලබන ප්‍රතිශිර්ෂ ආදායමයි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් එම රටවල් වල ඒක පුද්ගල ආදායම් මට්ටමයි. ලෝක බැංකුව විසින් ආර්ථිකයන්ගේ ඒක පුද්ගල ආදායම අනුව ආර්ථිකයන් කොටස් හතරකට වර්ගීකරණය කරයි. ඒ 1.        අඩු ආදායම් ආර්ථික   Low   income countries 2.        ප...