පහළ මැදි ආදායම් ආර්ථිකයක සිටි ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් ලෙස ලෝක බැංකුව විසින් නම් කරන ලද්දේ ඇයි?
සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්

ලෝක බැංකුව විසින් ආර්ථිකයන් ලබන ආදායම් මට්ටම්
අනුව කොටස් හතරක් යටතේ වර්ග කරනු ලබයි. ඒ අනුව මෙම වර්ගීකරණය සඳහා මූලිකම පදනම වන්නේ
ආර්ථිකයන් ලබන ප්‍රතිශිර්ෂ ආදායමයි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් එම රටවල් වල ඒක
පුද්ගල ආදායම් මට්ටමයි.
ලෝක බැංකුව විසින් ආර්ථිකයන්ගේ ඒක පුද්ගල
ආදායම අනුව ආර්ථිකයන් කොටස් හතරකට වර්ගීකරණය කරයි. ඒ
1.
අඩු ආදායම් ආර්ථික
Low income countries
2.
පහළ මැදි ආදායම්
ආර්ථික Lower-middle income countries
3.
ඉහළ මැදි ආදායම්
ආර්ථික Upper-middle income countries
4.
ඉහළ ආදායම් ආර්ථික
High income
countries ලෙසිනි.
මෙම වර්ගීකරණයට
අනුව ආර්ථීකයන්ගේ දළ ජාතික ආදායම මත ගණනය කරන ඒක පුද්ගල ආදායම් සීමා ලෝක බැංකුව විසින්
සකස් කරනු ලබන අතර එම මට්ටම් සෑම වසරකම ජූලි මස පළමු වන දිනට නැවත සංශෝධනය කිරීමක්
සිදුවේ. මේ ගණනය කිරීම්
සඳහා ලෝක බැංකුව විසින් ඇට්ලස් ක්‍රමවේදය
(atlas method) භාවිත කරයි.
(වැඩි විස්තර https://datahelpdesk.worldbank.org/knowledgebase/articles/77933-what-is-the-world-bank-atlas-method)
මේ අනුව 2019 ජුලි
01 දිනට සංශෝධනය කරන ලද නවතම ආර්ථික කාණ්ඩයන්ගේ
ආදායම් මට්ටම (ඒක පුද්ගල ආදායම) පහත පරිදි වේ.
ආර්ථික
කාණ්ඩය.
|
2019 ජූලි නව ආදයම් මට්ටම (ඇ.ඩොලර් )
|
2018 ජූලි
පැරණි අදායම් මට්ටම (ඇ.ඩොලර්)
|
අඩු ආදායම් (Low income)
|
ඩොලර් 1,025 අඩු
|
ඩොලර් 995 අඩු
|
පහළ මැදි ආදායම්
(Lower-middle income)
|
1,026 – 3,995 අතර
|
996 – 3,895 අතර
|
ඉහල මැදි ආදායම්
(Upper-middle income)
|
3,996 – 12,375 අතර
|
3,896 – 12,055 අතර
|
ඉහළ ආදායම් (High income)
|
> 12,375
|
> 12,055
|
දත්ත මුලාශ්‍රය
-ලෝක බැංකු නිල වෙබ් අඩවිය
ඒ අනුව සලකා බලන
ලද ලෝක බැංකු ගනනය කිරීම්
වලට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල
ආදායම 2018 වසර අනුව ඩොලර් 4073කි. ඒ අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් ලෙස නම් කොට
තිබේ.
මෙසේ ආර්ථිකයක
ඒ ක පුද්ගල ආදායම් ඉහළ ය හැකි වන්නේ කෙසේද යන්න විමසීමේදී ඒ පිළිබඳව වන හේතු රාශියක්
හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම ආර්ථිකයේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතය නැතහොත් ජාතික ආදායම
ඉහල යා යුතුය. ඒ අනුව එක් පුද්ගලයෙකු ලබන ආදායම ඉහල යයි.
ඊට අමතරව ලෝක බැංකුව
විසින් සිය ගනනය කිරීම් වලදී එක් එක් රටවල ඒක පුද්ගල ආදායම වෙනස් වීමට අදාල වන ප්‍රධාන
අංශ දෙකක් ඉස්මතු කරයි.
1.
රටක එක පුද්ගල
ආදායම වෙනස් වීම කෙරෙහි ආර්ථික වර්ධනය,විනිමය අනුපාතිකය, උද්ධමනය හා ජනගහනය යන සාධක
බලපානු ලබයි. එමෙන්ම ජාතික ආදායම ගිණුම් කිරීමේ ක්‍රමවේදයන් තුල වන වෙනස්කම්ද මෙසේ
එක පුද්ගල ආදායම වෙනස් වීමට බලපණු ලැබේ.
2. එමෙන්ම විදේශ ගැනුම් හිමිකම් අවධමනකය (SDR deflator) මත ගලපන වාර්ෂික උද්ධමන අනුපාත ඇසුරේ වන තත්වයන් ද මේ සඳහා බලපායි.
කෙසේ වෙතත් මේ
අනුව ශ්‍රී ලංකාව දැන් ඉහල මැදි ආදායම් ආර්ථිකයකි. මෙම නව කාණ්ඩ කිරීම් අනුව ලොව විවිධ
රටවල් සිය ආර්ථිකයේ තත්වයන් විවිධ වෙනස්කම් වලට ලක්ව තිබෙන බව පෙනී යයි.
රට
|
නව ආදායම්
කාණ්ඩය
|
පැරණි
ආදායම කාණ්ඩය
|
2019 ජූලි නව ආදයම්
මට්ටම (ඩොලර් )
|
2018 ජූලි
පැරණි අදායම් මට්ටම (ඩොලර්)
|
කොමොරෝස් Comoros
|
පහල මැදි ආදායම්
|
අඩු ආදායම්
|
1,320
|
760
|
ජෝර්ජියාව Georgia
|
ඉහල මැදි ආදායම්
|
පහල මැදි ආදායම්
|
4,130
|
3,790
|
කොසොවෝ
Kosovo
|
ඉහල මැදි ආදායම්
|
පහල මැදි ආදායම්
|
4,230
|
3,890
|
සෙනගාල්
Senegal
|
පහල මැදි ආදායම්
|
අඩු ආදායම්
|
1,410
|
950
|
ශ්‍රී ලංකාව
Sri Lanka
|
ඉහල මැදි ආදායම්
|
පහල මැදි ආදායම්
|
4,060
|
3,840
|
සිම්බාබ්වේ
Zimbabwe
|
පහල මැදි ආදායම්
|
අඩු ආදායම්
|
1,790
|
910
|
ආර්ජන්ටිනා
Argentina
|
ඉහල මැදි ආදායම්
|
ඉහළ ආදායම්
|
12,370
|
13,040
|
දත්ත මුලාශ්‍රය -ලෝක බැංකු නිල වෙබ් අඩවිය
ඉහත දක්වන ලද දත්ත අනුව පෙන්නුම් කරන පරිදි මෙතෙක් අඩු ආදායම් ආර්ථික තත්වයේ පැවති සිම්බාබ්බේ, හා කොමොරෝස් වැනි ආර්ථික පහළ මැදි ආදායම් ආර්ථික දක්වා වර්ධනය වී තිබෙන අතර, ශ්‍රී ලංකාව,කොසොවෝ, හා ජෝර්ජියාව වැනි ආර්ථික පහළ මැදි ආදායම් තත්වයේ සිට ඉහළ මැදි ආදායම් ආර්ථික දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරයි. වැදගත්ම සිදුවීම වන්නේ මෙතෙක් ඉහළ ආදායම් ආර්ථිකයක්ව පැවති ආර්ජන්ටිනාව පහල මැදි ආදායම් ආර්ථිකයක් දක්වා පහත වැටී තිබීමයි. පසු ගිය වසර තුල ආර්ජන්ටිනා ආර්ථිකයේ සිදුවූ ආර්ථික බිඳ වැටීම මෙයට හේතු වන්නට ඇත.
ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ආර්ථිකයක සිට ඉහළ
මැදි ආදායම් ආර්ථිකයක් දක්වා වර්ධනය වීමෙන් ආර්ථිකය ට වන වාසි සහ අවාසි තත්වයන් පිළිබඳව
විමසීමද වැදගත් වේ.
වාසි දායක තත්වයන්.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ආර්ථික තත්වය උසස් වීමක්
සිදුවේ. මේ අනුව ඉහල මැදි ආදායම් ආර්ථිකයක් ලෙස ආර්ථිකය පිළිගැනීමකට ලක් වේ.
ජාත්‍යන්තර ණය ලබා ගැනීමට පවතින හැකියාව ඉහල
යයි. ඒ අනුව ආදායම වැඩි වීම යනු ණය නැවත ගෙවීමේ හැකියාව වැඩි විමයි. ඒ අනුව ණය ලබා
ගැනීමට ආර්ථිකයට පවතින හැකියාව ඉහළ යයි.
ආර්ථිකයේ වෙළඳ ගිණුම කෙරෙහි යහපත් බලපෑමක් ඇතිවීමේ
ඉඩකඩ පවතී. (මේ අනුව ආනයන අපනයන වෙළඳාමෙහි වර්ධනයක් ඇති වුව හොත් ඒ අනුව ආර්ථිකයට වැසි
දායක තත්වයක් උදා වීමේ ඉඩකඩ පවතී.
වෙළඳ ගිවිසුම් හා අනෙකුත් ජාත්‍යන්තර නියෝජනයන්හි
දී කිසියම් වාසි දායක තත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතී.
අවාසිදායක තත්වයන්
ශ්‍රී ලංකාව තව දුරටත් අඩු ආදායම් රටක් නොවන
නිසා මෙතෙක් විදේශයන් වෙතින් ලබා දුන් සහන
සහ ආධාර කපා හැරීමක් සිදුවේ.
විශේෂයෙන්ම GSP+ වැනි බදු සහනයන් අහිමි වීමේ
ඉඩකඩ ඉහල යයි.
ශ්‍රී ලංකාවේ ජාතික ආදායම හෝ ඒක පුද්ගල ආදායම
ඉහල ගියද එහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට නොලැබීමේ ඉඩකඩ පවතී. ( එනම් සම්පත් බෙදී යාමේ අසමනතාවයක්
පවතී)
විදේශ සහන, ආධාර,හා අනෙකුත් සහන ලංකාවට අහිමි
වුවහොත් එම තත්වය මෙරට ශුභ සාධනය කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කිරීමේ ඉද්කකද පවතී.
ඒක පුද්ගල ආදායම ආර්ථිකයේ තත්වය පෙන්නුම් කරන
මිනුමක් වුවත් බොහෝ දුරට ඒ තුලින් ආර්ථිකයේ සියලුම අංශ නියෝජනය නොවන නිසා ඒ තුලින්
ආර්ථිකයේ සැබෑ ආර්ථික වර්ධනය හෝ සමස්ත ස්වභාය නියෝජනය නොවීම අවාසි දායක ලෙස බලපානු
ඇත.
ඉහල ආදායම් ආර්ථිකයක් වීම නිසා ආර්ථිකයේ ණය ලබා ගැනීමේ හැකියාව
ඉහල යාම නිසා ඵලදායි නොවන කටයුතු සඳහා රජය විසින් ණයය ලබා ගතහොත්, රටෙහි ණය බර තව දුරටත්
ඉහල යාමේ ඉඩකඩ පවතී.
ඉහත
දක්වන ලද්දේ ශ්‍රී ලංකාව පහල මැදි ආදායම් ආර්ථිකයක සිට ඉහල මැදි ආදායම් ආර්ථිකයක් දක්වා
වර්ධනය වීම හා එහි වාසි දායක, අවාසිදායක තත්වයන් ය. ඒ අනුව එම තත්වය ධනාත්මක හා සෘණාත්මක
යන අංශ දෙකෙන්ම ආර්ථිකයට බලපානු ඇත. වඩාත් සුදුසු වන්නේ මේ සියලු අවදානම් අවමකර ගනිමින්
වඩාත් යහපත් ආර්ථික තීරණ ඔස්සේ ආර්ථිකය මෙහෙය වීමයි. ඒ අනුව සැබෑ ආර්ථික වර්ධනයක් මෙන්ම
ආර්ථිකයේ ප්‍රතිලාභ යහපත් ලෙස කළමනාකරණය කිරීමට ඉඩකඩ ලැබෙනු ඇත.
සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්
ලෝක බැංකුවේ නිළ වෙබ් අඩවිය data@worldbank.org ඔස්සේ ලෝක ආර්ථිකය පිලිබඳ වන ඔබට අවශ්‍යය වැඩිදුර තොරතුරු
ලබා ගැනීමේ හැකියාව පවතී.
පොටෝව -අන්තර්ජාලයෙනි
Comments
Post a Comment