සුබසාධනවාදී ආර්ථික ප්‍රතිපත්ති සහ දුප්පත්කම
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ගැටලුවක්ද?
සටහන;ඉසුරු සම්පත්
තෙන්නකෝන්.

සාපේක්ෂ දරිද්‍රතාවය හා නිරපේක්ෂ දරිද්‍රතාවය
යනුවෙන් අධ්‍යයනයේ පහසුව පිණිස දරිද්‍රතාවයේ ප්‍රධාන අංග දෙකක් ඔස්සේ අධ්‍යයනය කිරීමට
හැකිය. විශේෂයෙන්ම නිරපේක්ෂ දරිද්‍රතාවය ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගලයන්ගේ එදිනෙදා ජිවිතයේ
මුලික අවශ්‍යතාවන් වත් සපුරා ගත නොහැකි තත්වයක් ලෙසය. සාපේක්ෂ දරිද්‍රතාවය යන්න සරලව
දැක්වුවහොත් එය එකිනෙක ආර්ථිකයකට සාපේක්ෂව පවතින ක්‍රය ශක්තිය, අසමානතාවය, සම්පත් හිමිකම
මත පදනම් වූ දරිද්‍රතාවයයි.
සාපේක්ෂව දරිද්‍රතාවය ගණනය කරන්නේ ඒක පුද්ගල
ආදායම පදනම් කර ගනිමිනි. අවම වශයෙන් එක ඩොලරයක වත් ආදායමක් දිනකට කෙනෙකුට නොලැබෙන්නේ
නම් ඔහු දිළිඳු පුද්ගලයෙකු ලෙස හඳුනාගනු ලැබේ.වර්තමානය
වන විට ලෝකයේ දරිදර්තා රේඛාව ගණනය කරන්නේ දිනකට
ඩොලර් 1.9ක් වත් නොලබන්නේ නම් ඔහු දිළින්දෙකු ලෙසය. එහෙත් රටින් රටට මෙම අගය වෙනස්
වීමක් පෙන්නුම් කල හැකිය. ඒ අනුව ආසන්න වශයෙන් ඩොලර් දෙකක් වත් දිනකට නොලබන්නේ නම්
ඔහු දරිද්‍රතාවයෙන් පෙළෙන්නෙකු ලෙස හඳුනාගැනේ.
ඒක පුද්ගල ආදායම අනුව වර්තමානය වන විට ශ්‍රී
ලංකාව පසු වන්නේ ඉහළ මැදි ආදායම් ආර්තිකයක තත්වයේ ය. එනම් අපගේ එක
පුද්ගල ආදායම ඩොලර් හාර දහස ඉක්මවයි. එය 2018 වසරේ ඩොලර් 4060කි.
ශ්‍රී ලංකාව දරිද්‍රතාව තුරන් කිරීම සම්බන්දයෙන්
සැකියයුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙනී යන කරුණකි. ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව
වසර 1997-98 වන විට මෙරට සමස්ත ජනගහනයෙන් ආදායම් දරිද්‍රතාවයෙන් පෙලෙන ජනගහනය 28%
ක පමණ විය. එහෙත් එම තත්වය වසර 2016 වන විට 4.1% දක්වා අවම වී තිබේ.
ශ්‍රී ලංකාව තවදුරටත් සුබසාධනවාදී ආර්ථිකයක්ද?
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික සංවිධාන ව්‍යුහය
අධ්‍යයනය කිරීමේ දී බොහොමයක් ඉස්මතුවන්නේ සුබසාධනවාදී ආර්ථිකයක ලක්ෂණයන්ය. සුබසාධනවාදී
රජයක ක්‍රියාකාරිත්වය වාසි සහ අවාසිදායක තත්වය ඔස්සේ සාකච්ඡා කළ හැකි වුවත් ශ්‍රී ලංකාව
තුළ ක්‍රියාත්මක කරන ලද සුබසාධනවාදී ප්‍රතිපත්තිවල යහපත් ලක්ෂණ බහුලව දක්නා ලැබේ.
එම ප්‍රතිපත්ති ආර්ථිකයේ හා සමාජයේ සංවර්ධනය කෙරෙහි බලපෑ බව පැහැදිළිය.
විශේෂයෙන්ම රජයෙන් ජනතාව වෙත එතෙක් මෙතෙක් සපයන
ලද නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞක්‍යය සේවාව මෙරට සමාජමය වශයෙන් ඉහල සංවර්ධනයකට දායක
වී තිබෙන බව පෙනී යන කරුණකි. ලොව පිළිගත් සංවර්ධනය මැනීමේ දර්ශකයක් ලෙස දක්වන මානව
සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව මේ වන විට ඉහල ස්ථානයක පසු වීමට එය හේතු වී තිබෙන බව පෙනී
යයි. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ ලොව රටවල් අතරින් 76 වන ස්ථානයේ වුවත් සැලකියයුතු
මට්ටමකින් ලංකාවේ සාක්ෂරතාවය හා ආයු අපේක්ෂණය ඉහල ගොස් තිබෙන බව අධ්‍යයනය කල හැකිය.
අනෙක් අතෙන් මෙම සාර්ථකත්වය සඳහා සුබසාධනවාදී
රාජ්‍යයක් ලෙස ආර්ථිකයේ දියත්
වූ බොහෝ වැඩසටහන්
දායක වී තිබෙන අතර රාජ්‍ය අංශය පමණක් නොව රජය නොවන හා පෞගලික අංශයේ මැදිහත් වීමද ඒ
අතර වේ. දරිද්‍රතාවය අවම කිරීමට නොයෙකුත් සමාජ හා දේශපාලනික වශයෙන් සිදුවූ වෙනස්කම් මුල්වී තිබෙන බව හඳුනා ගත හැකිය. සාපේක්ෂව මූල්‍ය දරිද්‍රතාවය අවම මට්ටමක පැවතුනත්,
සාපේක්ෂ දරිද්‍රතාවය ඉහල මට්ටමක පවතින බව පෙනී යයි. කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා රජය
විසින් කොතරම් දායකත්වයක් දක්වන්නේදැයි පුද්ගලයෙකු වෙත රජයේ සපන සේවාවන් අධ්‍යයනයෙන්
හඳුනා ගත හැකිය.
මේ සියලු සංවර්ධන හා සමාජ ආරක්ෂණ කාර්යයන්හි දී සමෘද්ධි
සහනාධාරය, පොහොර සහනාධාරය, ආදී සහනාධාර මෙන්ම නොමිලයේ සැපයෙන විවිධ සේවා සඳහා රජය විසින්
සැලකියයුතු මුදලක් වාර්ෂිකව වියදම් කරන අතර ඒ සඳහා බොහෝවිට යොදාගනු ලබන්නේ මහජන බදු
මුදල්ය. රජයේ අයවැය ලේඛනයේ වර්තන වියදම හා ආයෝජන වියදම් දෙස අධ්‍යනය කිරීමේදී සමස්ත
ජාතික ආදායමෙන් කොපණ ප්‍රමාණයක් මහජන උපයෝගිතා සේවා සහ සහන සඳහා යොදවනවාද යන්න අධ්‍යයනය
කළ හැකිය. රජයක් විසින් රටක ජනතාවට ආයෝජනය කරයි. එම ආයෝජන වල ප්‍රගතියක් හඳුනා ගත හැක්කේ
අදාළ සහනයන් හෝ ප්‍රතිලාබ නිසි අයුරින් භාවිතා කිරිමත්, ඒ ඔස්සේ ඵලදායි ක්‍රමවේදයක්
වෙත ඒවා ආයෝජනය කිරීමත් තුලින් පමණි.
සුබසාධනවාදී රාජ්‍ය ක්‍රමයෙන් ශ්‍රී ලංකාව ඉවත්විය
යුතු බවට කොතරම් සාකච්ඡාවන් පැවතුනද, තවමත් ශ්‍රී ලංකාව සුබසාධනවාදී ආර්ථිකය
තුළින් ඉවත් වීමට නොහැකි තත්වයක පසු වන බව පෙනී යන කරුණකි.
ශ්‍රී ලංකාව දරිද්‍රතාව සහ සංවර්ධනය අතුරෙන්
තවමත් පසුගාමී තත්වයක
ශ්‍රී ලංකාව දරිද්‍රතාවය තුරන්කිරීම පැත්තෙන්
සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබුනත් සංවර්ධන උපායමාර්ග භාවිතය ඔස්සේ තවමත් පසුගාමී
තත්වයක සිටින බව පෙනී යන කරුණකි. විශේෂයෙන්ම බොහෝමයක් සංවර්ධන ව්‍යාපෘති සහ සහනාධාර
වැඩසටහන් දේශපාලනීකරණය වීමත් නිසි ඉලක්කයන් වෙත මෙහෙයවීමට පවතින නොහැකියාව මෙම තත්වයට
බලපා තිබේ.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසි ඉලක්ක වෙත යාමට
අපොහොසත් වීමත්, එම ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවයක් හෝ තිරසාරත්වයක් නොපැවතීම සංවර්ධනය කර
යාමේ දී දැඩිව ඉස්මතුවන අභියෝගයකි. එම අසාර්ථකත්වය
රටේ ආර්ථික වර්ධනයටත් සංවර්ධනයටත් බලපායි. වසර 2019 වන විට ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ
අවම ආර්ථික වර්ධනය පෙන්නුම් කරන රටක් බවට පත්ව තිබේ. එම දත්ත අනුව ශ්‍රී ලංකාව අවම
ආර්ථික වර්ධනයෙන් දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණි. ශ්‍රී ලංකාව තුළ ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව දරිද්‍රතාව අවම වුවත් සැලකියයුතු ආර්ථික අසමානතාවයක් තවමත් පවතී.
සංවර්ධනය කරා යාමේදී බලපා තිබෙන ප්‍රධානතම ගැටලුව
ලෙස මා දකින්නේ ජනතාව තුළ පවතින ආකල්පමය ගැටලුවයි. තවමත් යැපුම් මානසිකත්වය බහුතර ජනතාව
තුළ දක්නට ලැබෙන බව පැහැදිලි කරුණකි. ස්ව ශක්තියෙන් නැගී සිටීමට ජනතාව තුළ පවතින මැලිකම
මෙන්ම විකල්ප සංවර්ධන ක්‍රමවේද වලට අනුගත වීමට දක්වන අකමැත්ත මෙම සංවර්ධනයේ මාවතට මහත්
අභියෝගයකි. ජනතාව සංවර්ධනය දෙස දේශපාලනිකව බැලීමේ චින්තනයෙන් මිදී සංවර්ධනය දෙස ජාතිකයක්
ලෙස දකින තාක් මෙම ගැටලුව නිමාවක් නොවීම සිදුවනු
ඇත.
රට සහ හෙට
ආර්ථිකයේ හෙට දවස් තීරණය වන්නේ රටක අනාගතය වෙනුවෙන්
වර්තමානයේ ගන්නා තීරණ සහ ආයෝජන පදනම් කර ගනිමිනි. රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට වඩා
ඵලදායි ආර්ථික තීරණ ගැනීමේ හැකියාවක් නොතිබුණහොත්, ඒ ඔස්සේ සම්පත් නාස්තියත් දුෂනයත්
ඉහල ගොස් අනාගත සංවර්ධන අපේක්ෂා අත්පත් කර
ගත නොහැකි වනු ඇත.
ඒ සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනුම අවශ්‍ය වේ. එසේම ඒ පිලිබඳ ප්‍රවීනයන්ගේ දායකත්වය ප්‍රතිපති සම්පාදනයේදී හා ඒවා ක්‍රියාත්මක
කිරීමේදී අත්‍යාවශ්‍ය වේ. දේශපාලනික තීන්දු තීරණ ආර්ථිකයේ තිරසාරත්වය කෙරෙහි සෘජුවම
බලපාන අතර නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය කරා ආර්ථිකය මෙහෙයවයි. දුප්පත්කම තුරන්
කිරීමේ ව්‍යාපෘති වුවත් දේශපාලනීකරනයෙන් තොරව, නිශ්චිත පිරිස ඉලක්ක කරගනිමින් මෙහෙය වුවහොත් අදාළ
යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. එසේ නොවුනහොත් ඉන් අදාළ අපේක්ෂා ඉටු වීමක් සිදු නොවේ.
සුබසාධනවාදී ආණ්ඩු තවදුරටත් පැවතිය යුතුද නැද්ද
යන්න වෙනමම විවාදයට ගතයුතු කරුණකි. කෙසේ වෙතත් සුබසාධනවාදී රජයක් අපේක්ෂා කරන ජනතාවට, සුබසාහනවාදී ආණ්ඩුවක හෝ
රජයකින් ලබගතහැකි යහපත් ප්‍රතිඵල ඔස්සේ අදාළ සංවර්ධන අපේක්ෂා සාක්ෂාත් කරගත හැකිවනු
ඇත..
සෙස්ස පස්සට.....
Comments
Post a Comment