Posts

Image
උද්ධමනය,පොදු මිල මට්ටම   සහ සැබෑ පුද්ගල ආදායම        Inflation , General price level and  Real  income සටහන -ඉසුරු සම්පත්   තෙන්නකෝන් උද්ධමනය,නැතොත් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළයාම මේ දිනවල නිතරම පාහේ කාගේත් කතිකාවට ලක්වන මාතෘකාවකි. ගමේ නගරයේ, කඩපලේ නැතහොත් බස් රියේ, දුම්රියේ පවා බොහෝ දෙනෙකු මේ පිළිබඳව කතා බස් කරන අයුරු හඳුනාගත හැකිය. උද්ධමනය යනු කුමක්ද ? මිල මට්ටම හා මිල දර්ශක යනු මොනවාද, උද්ධමනය නිසා සැබෑ පුද්ගල ආදායමේ  සිදුවන ප්‍රති විපාක මොනවාද යන්න පිළිබඳව ඔබට සරළ අවබෝධයක් සැපයීම මෙම ලිපියේ අපේක්ෂාවයි. ආර්ථික විද්‍යාවට අනුව උද්දමනය ලෙස හදුන් වන්නේ රටක භාණ්ඩ හා සේවා මිල මට්ටමේ, පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම ලෙසයි. සරලව කිවහොත්   ජනතාව පාව්ච්චි කරන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම   ඉහල යාමයි. එහෙත් මේ තත්වය භාණ්ඩ   එකක් දෙකක් පමණක මිල අඩු වැඩි වීම හේතුවෙන් සිදුවන්නක් ලෙස බොහෝ දෙනෙකු වැරදි වැටහිමකට   පත් විය හැකිය. උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක් රුපියල් 10කින් මිල ඉහල ගියහොත් ඒ නිසා උද්දමනයක් ඇති වෙනවා යය...
Image
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ එහි  යහපත්   අයහපත්   ප්‍රතිඵල මොනවාද?,මෙම ගිවිසුම් රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් රටක් තවත් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී විවිධ ගිවිසුම් ඇතිකර ගනී. ඒවා බොහෝවිට ආර්ථික, වෙළඳ හෝ ආරක්ෂක ගිවිසුම් හෝ වෙනත්   ගිවිසුම් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ගිවිසුමක් යනු පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමඟ සලකා බලන කොන්දේසි මත   ඇතිකර ගන්නා පොදු එකඟතාවයකි.   එම කණ්ඩායම් ගණන දෙකක් නම් එය ද්විපාර්ශවීය ගිවිසුමකි. (Bi-lataral agreement) එම කණ්ඩායම් ගණන දෙකකට වැඩි නම් එය බහුපාර්ශවීය ගිවිසුමක් ලෙස හඳුන්වයි. (Multilateral agreement) මෙම ගිවිසුම් විවිධ කොන්දේසි මත පදනම් වේ. බොහෝ විට වෙළඳ ගිවිසුමක නම් දෙරටේ වෙළඳාම සම්බන්ධ බොහොමයක් කොන්දේසි ඉවත් කර තිබෙන නැතහොත් නිදහස්   කර තිබෙන තත්වයක් නිදහස් වෙළඳ ගිවිසුමක් ලෙස හඳුන්වයි.(Free Trade Agreement/FTA) රටක් වෙනත් රටක් හෝ රටවල් කිහිපයක්   සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා විවිධ හේතු බලපායි. ආර්ථික සංවර්ධනය,අපනයන දිරි ගැන්වීම, නව තාක්ෂනය දියුණ...
Image
ශ්‍රී ලංකාවේ දිනපතා ඉහළ යන  ජී වන වියදම, එහි ප්‍රතිඵල ජනතා ආර්ථිකයට කරන බලපෑම සහ එදිනෙදා ආර්ථිකයේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් විය යුත්තේ ඇයි? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්. ‘සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කෙරේ’,අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.’ ‘ආනයනික එන්ජින් ධාරිතාව අශ්වබල 1000ට අඩු   මෝටර් රථ සඳහා අද රාත්‍රියේ සිට බදු ඉහළ දමනු ලැබේ’. ‘ආනයනික පළතුරු සඳහා ආනයනික තීරු   බද්දක් පැනවීමට රජය තීරණය කරයි’. සෑම පුරවැසියෙකුම මාසික ආදායම මත ආදායම් බදු ගෙවීම සඳහා බදු ලිපි ගොනුවක් ලබා ගතයුතු ය.” ආදී විවිධ තොරතුරු මේ දිනවල අපට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඇසුරෙන් අසන්නට දකින්නට ලැබේ. පොදු ජනතාව හුදෙක් මේ පුවත් නිකුත්වූ විගස ඒවා අසමින්, ඇතැම්විට ඒවාට ප්‍රතිචාර දක්වමින් කල් ගෙවන ආකාරය දක්නට ලැබේ. ඉනික්බිති දින කිහිපයකට පසු මේ කිසිවක් නොවුණු අයුරින් නැවතත් සිය කටයුතු සිදු කිරීමට පටන් ගනී. රටේ බොහෝ දෙනෙකුට මෙම තීරණ හා ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අවබෝධයක් හෝ කියැවීමක් නොමැති තරම්ය. එයට හේතුව බොහෝ දෙනෙකු ආර්ථික සංසිද්ධීන්...
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව ආර්ථිකයේ අසමානතාවය වෙනස්වීම පිළිබඳ අධ්‍යයනයක්. සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්, ගෝලීය සංවර්ධන සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය වර්තමානය වන විට සංවර්ධන ගැටළුවක් වශයෙන් සියලුම ආර්ථිකයන් පොදුවේ මුහුණදෙන ගැටළුවක් බවට පත් වී තිබේ. දරිද්‍රතාව යන සංකල්පය ගෝලීය වශයෙන් හදුනා ගැනීමේ දී මුල් කාලයේ දී දරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන සම්පත් හිගතාවය ලෙස හදුනාගනු ලැබුණු අතර වර්තමානය වන විට එය විස්තීර්ණ සංකල්පයක් බවට පත්ව තිබේ. දරිද්‍රතාවය පිළිබඳව වන කතිකාව ශ්‍රී ලංකාව තුල සාකච්ඡාවට බදුන් වීම ඇරඹෙන්නේ 1940 දශකයේ සිට ය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන්කිරීම හා අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය 1940 දශකයේ සිට මෙරට ඉස්මතු විය. ඒ අනුව මෙරට දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නැගෙන අතර වසර 2018 වන විට එම අංශයන්හි වෙනස්වීමත් ඒවා ඇසුරෙන් දරිද්‍රතාවයට හා සම්පත් බෙදියාමේ විෂමතාවයට සිදුවී තිබෙන බලපෑමත් අධ්‍යනය මේ ඇසුරෙන් අපේක්ෂා කෙරේ. දරිද්‍රතාවය යනු ගෝලීය සංවර්ධන ගැටලුවකි. දරිද්‍රතාවය හෙව...
  රුපියල අවප්‍රමාණය මෙරට ආර්ථිකයට බලපාන්නේ   කෙසේද? සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන්. රටක භාවිත මුදලක අවප්‍රමාණය ලෙස හදුන්වනු ලබන්නේ වෙනත්   රටක මුදල් ඒකකයකට සාපේක්ෂව සලකා බලන රටෙහි මුදලේ අගය අඩු වීමයි. නැතහොත් අදාළ රටෙහි මුදලට සාපේක්ෂව වෙනත් රටවල් වල මුදල් වටිනාකම ඉහළ යාමයි. එය සරල උදාහරණයකින් විමසා බැලුවහොත් වසර 2016 දී   ඩොලර් 1ක මිල රුපියල් 100 යයි සිතමු. එනම් 2016වසරේදී   ඩොලරයක් මිලට ගැනීමට   ලංකා රුපියල් රුපියල් 100ක් අවශ්‍ය වේ.. එහෙත් එම ඩොලරය 2017 වසරේ මිල දී ගැනීමට රුපියල් 120ක් ක් වැය වේනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වසරක් ඇතුලත අඩු වී තිබේ. එනම් ඩොලරයේ අගය සඳහා වන රුපියල් වටිනාකම   වැඩි වි තිබේ. එය රුපියල අවප්‍රමාණය වීමකි. නමුත් එම ඩොලරය   මිලට ගැනීමට වසර 2017 දී රුපියල් 80ක් වැය කිරීමට සිදුවුයේ නම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමකි. එනම් ඩොලරයක් මිලට ගැනීමට වියදම් කරන රුපියල් ප්‍රමාණය අඩු වී තිබේ.   එය රුපියල අධිප්‍රමාණය වීමක් ලෙස හදුන්වයි මේ දිනවල ලංකාවේ ආර්ථිකය තුල රුපියලේ අගය සීග්‍ර ලෙස අවප්‍රමානය වීමක් වාර්...