උද්ධමනය,පොදු මිල
මට්ටම සහ සැබෑ පුද්ගල ආදායම
Inflation, General price level and Real income
සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්

උද්ධමනය යනු කුමක්ද ? මිල මට්ටම හා මිල දර්ශක
යනු මොනවාද, උද්ධමනය නිසා සැබෑ පුද්ගල
ආදායමේ සිදුවන ප්‍රති විපාක මොනවාද යන්න පිළිබඳව
ඔබට සරළ අවබෝධයක් සැපයීම මෙම ලිපියේ අපේක්ෂාවයි.
ආර්ථික විද්‍යාවට අනුව උද්දමනය ලෙස හදුන් වන්නේ
රටක භාණ්ඩ හා සේවා මිල මට්ටමේ, පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම ලෙසයි. සරලව කිවහොත් ජනතාව පාව්ච්චි කරන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ඉහල යාමයි. එහෙත් මේ තත්වය භාණ්ඩ එකක් දෙකක් පමණක මිල අඩු වැඩි වීම හේතුවෙන් සිදුවන්නක්
ලෙස බොහෝ දෙනෙකු වැරදි වැටහිමකට පත් විය හැකිය.
උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක් රුපියල් 10කින් මිල ඉහල ගියහොත් ඒ නිසා උද්දමනයක් ඇති
වෙනවා යයි කීම හෝ කිසියම් භාණ්ඩයක මිල අඩු වීමෙන් උද්ධමනය අඩු වෙනවා යයි සිතීම සියයට සියයක් සත්‍ය නොවේ. ඇතැම් විට එම භාණ්ඩයෙන්
පොදු මිල මට්ටම කෙරෙහි කිසියම් බලපෑමක් කළ හැකිය. එහෙත් සමස්තයක් ලෙස පොදු මිල මට්ටම
(General price level) ඉහල යාමක් ලෙස හඳුනාගත
හැකි නොවේ.
පොදු මිල මට්ටම යනු කුමක්ද යනන පිළිබඳව දැන්
ඔබට ගැටළුවක් මතුවිය හැකිය. පොදු මිල මට්ටම යනු සාමාන්‍ය මිල මට්ටමයි. එය ගණනය කිරීම
සඳහා ආර්ථිකයක මිල දර්ශක භාවිත කරනු ලබයි. මිල මට්ටම,මිල දර්ශකය සරල උදාහරණයකින් විමසා
බලමු.
හාල් කිලෝ 1ක් = රු.90
පොල් 1ක් = රු 60
සිනි කිලෝ 1ක්
= රු 130
ඩිසල් ලීටර් 1ක්
= රු 120
පොදු මිල මට්ටම
=90+60+130+120 = 400/4 = 100 පොදු මිල මට්ටම සීයය
වේ.
4
කිසියම් අවස්ථාවක
සලකා බලන භාණ්ඩ වල මිල ගණන් ඉහල යා හැකිය. එමෙන්ම තවත් භාණ්ඩ වල මිල අඩු විය හැකිය.
එවැනි අවස්ථාවක පොදු මිල මට්ටම වෙනස් වේ. උදාහරණයක් ලෙස පොල් මිල රුපියල් 10කින් අඩුවේ.
ඩීසල් මිල රුපියල් 20කින් වැඩි වේ.
එවිට පොදු මිල
මට්ටමට සිදු වන වෙනස බලන්න
(හාල් 90+
පොල් 50+සිනි 130+ඩීසල්140)/ 4 = 410/4 =
පොදු මිල මට්ටම 102.5 වේ.
මේ අනුව පොදු මිල
මට්ටම ඉහල ගොස් තිබේ. මෙසේ දිගින් දිගටම පොදු මිල මට්ටම ඉහල යන්නේ නම් එය උද්ධමනකාරී
තත්වයකි. මේ අනුව රටක උද්දමනයක් ඇති වන්නේ සලකා බලන භාණ්ඩ පැසෙහි සිදුවන වෙනස්කම අනුව
සිදුවන අඛණ්ඩ මිල ඉහල යාමක් නිසා පමණි. ආර්ථිකයක් යනු ඉතා විශාල භාණ්ඩ හා සේවා වලින්
යුතු ප්‍රපංචයකි. එහි මිල දර්ශක අනුව මිස එක භාණ්ඩයක හෝ දෙකක මිල වෙනස්වීම පමණක් සලකා
උද්දමනයක් පිළිබඳව තීරණය කල නොහැකිය.
මෙය සරල උදාහරණයක්
පමණි. එහෙත් රටක උද්ධමනය ගණනය කිරීම සඳහා මිට වඩා සංකීර්ණ ක්‍රමවේදයක් භාවිතා කරයි.
ප්‍රායෝගිකව භාණ්ඩ හා සේවා ඇසුරින් ගණනය කරන පොදු මිල මට්ටම ඉහත උදාහරණයට වඩා බෙහෙවින්
සංකීර්ණ ක්‍රමවේදයකි. බොහෝ විට එය තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක් හා ඒ භාණ්ඩ සඳහා වන
බර තැබීම පදනම් කරගනිමින් ගනනය කිරීමයි. ඒ සඳහා යොදා ගන්නේ මිල දර්ශකයන්ය.
උද්ධමනයක ප්‍රති
විරුද්ධ ක්‍රියාකාරිත්වය වන්නේ අවධමනයයි. එනම්
දීර්ග කාලයක් තිස්සේ සාමාන්‍ය පොදු මිල මට්ටම අඛණ්ඩව පහල යාමයි. අවධමනයක් පිලිබඳ අපට
මෑතකාලීනව ශ්‍රී ලංකාවේ අත්දැකිම් නැතත් එවැනි තත්ත්වක් ඇති වීමේ ඉඩකඩ ඕනෑම ආර්ථිකයක උදා විය හැකිය.
රටක පොදු මිල මට්ටම
තීරණය සඳහා කිසියම් භාණ්ඩ පැසක් තෝරා ගනී. එහි අහාර සහ ආහාර නොවන භාණ්ඩ හා සේවා අතුලත්
වේ. ඒ අනුව මිල දර්ශක ඇසුරෙන් පොදු මිල මට්ටම ගණනය කරන අතර ශ්‍රී ලංකාවේ නම් වර්තමානයේ
සුලබවම භාවිත කරන්නේ නව කොළඹ පාරිභෝගික මිල
දර්ශකයයි. එහි ඇතුලත් භාණ්ඩ ප්‍රමාණය 392 කි. ඊට අමතරව
Ø කොළඹ පාරිභෝගික මිල දර්ශකය
Ø ජාතික පාරිභෝගික මිල දර්ශකය
Ø නිෂ්පාදක මිල දර්ශකය
Ø දල දේශීය නිෂ්පාදිතයේ අවධාමනකය
ආදී දර්ශකයන් ද භාවිත කරනු ලැබේ.
විශේෂයේම කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඇසුරෙන්
පාදක වර්ෂයක් තෝරා ගනිමින් එනම්, 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගෙන කුටුම්භ 1200ක් ඇසුරෙන් ප්‍රධාන ආහාර හා ආහාර නොවන කාණ්ඩ 10ක් ඇසුරෙන් බර
තැබීමෙන් මෙම මිල වෙනස්කම් ගණනය කරනු ලැබේ.
වර්ෂ 2013 පාද වර්ෂය ලෙස ගෙන ගණනය කරනු ලබන මිල
දර්ශකයට අයත් සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය 392කි. මින් 181ක් ආහාර ගනයටත් ඉතිරි භාණ්ඩ
හා සේවා 211 ආහාර නොවන කාණ්ඩයන් අයත් වේ. මිල දර්ශකය ගණනය කරන්නේ ලෑස්පියර් ක්‍රමය
(Laspiyer Index) අනුවය. බර තැබීම අනුව ආහාරමය කාණ්ඩ සඳහා 28.24% ක් හා ආහාරමය නොවන කාණ්ඩ සඳහා 71.76%
අගයක් ඇතුලත් වේ.
රටක උද්දමනයක් නැතහොත් භාණ්ඩ සේවා මිල ඉහල යාමක්
සිදුවූහොත් මිනිසුන්ගේ ආදායමේ වටිනාකම වෙනස් වේ. අප කිසියම් සේවාවක් සපයා හෝ රැකියාවක්
කර ලබා ගන්න වැටුප නාමික වැටුප (Nominal Income) ලෙස ආර්ථික විද්‍යානුකුලව විග්‍රහ කරයි.
උදාහරණයක් ලෙස කෙනෙකු ආයතනයක සේවය කර මාසයකට
රුපියල් 30,000ක් ලබයි නම් ඔහුගේ නාමික වැටුප රුපියල් 30,000කි. එහෙත් සැබවින්ම එම රුපියල්
තිස් දහසෙන් රුපියල් තිස් දහසක් වටිනා භාණ්ඩ මිලදී ගත හැකිද යන්න සැබෑ වැටුප් (Real income) නැත්නම් මුර්ත අගයෙන් අධ්‍යයනය
කෙරේ.
එම වැටුපෙන් ලබා ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය සැබෑ වැටුපේ මුර්ත අගය ලෙස හඳුන්වයි. එනම් මිල මට්ටම් වෙනස්වීම සමග ගලපන ලද වැටුප මුර්ත වැටුප
(Real income) ලෙස හඳුන්වයි.
උදාහරණයක් ලෙස පුද්ගලයෙකුගේ වැටුප 1000ක් නම් එම දහසින් රුපියල් 100 වන හාල්
කිලෝ දහයක් මිලදී ගත හැකි විය,. නමුත් සතියකට පසු හාල් මිල රුපියල් දහයකින් වැඩි වුවහොත්
ම සතු රුපියල් දහසින් මිලදී ගත හැකි ප්‍රමාණය හාල් කිලෝ දහයට වඩා අඩු වේ. එනම් ආදායමේ
සැබෑ වටිනාකම අඩුවේ. මෙය ආදායමේ මුර්ත වටිනාකම
අඩු වේ යන්නට සරල උදාහරණයකි.
ආදායම සහ මුර්ත
ආදායමත්, උද්දමනය සහ මිල
මට්ටමත් යන සාධක එකිනෙකට බලපෑම් කරන සාධක වේ. ඒ අනුව කිසියම් අවස්ථාවක පුද්ගලයන්ගේ
නාමික ආදායම ඉහළ නොගොස් පොදු මිල මට්ටම ඉහල ගියහොත් අදාළ පුද්ගලයින්ගේ ආදායමේ මුර්ත
වටිනාකම ,සැබෑ වටිනාකම අඩුවේ. එමෙන්ම කිසියම් අවස්ථාවක ආදායම නොවෙනස් ව තිබිදී
උද්ධමනය අඩු වීමත්, උද්ධමනයට වඩා වැඩි අගයකින් වැටුප්/ආදායම් ඉහල යාමත් නිසා පුද්ගලයාට වාසි දායක අවස්ථා උදා විය
හැකිය.
‘’වෙනදා රුපියල්
දාහකින් ගන්න බඩු ටික දැන් රුපියල් දෙදාහක් තිබුනත් ගන්න බෑ’ යනුවෙන් බොහෝ දෙනකු පවසන්නේ
මෙම ආදායමේ මුර්ත අගය අඩු වීමත් උද්ධමනයත් යන සාධක බලපෑම නිසාවෙනි.
******
Comments
Post a Comment