Posts

Image
කාබන් බද්ද යනු කුමක්ද, කාබන් බද්දෙහි සමාජ පිරිවැයක් තිබේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී   ලංකාව තුළ බදු පිළිබඳව නිරන්තර කතිකාවක් ඇති වෙමින් පවතී . කාබන් බද්ද යන්න කතිකාවට නැගෙන්නේ 2019 ජනවාරි මාසයේ සිට මෙරට කාබන් බද්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත් සමගය. කාබන් බද්ද යනු කුමක්ද? එම බද්ද ක්‍රියාත්මක කරන්නේ කුමකටද සහ එහි ආර්ථික ප්‍රතිලාබ කුමක්ද යන්න අධ්‍යයනය මෙම ලිපියේ අරමුණ වේ. . කාබන් බද්ද යන්න සරළව දැක්වුවහොත් රජයක් විසින් ආයතනයක් හෝ පාරිභෝජකයෙකු දවන ලබන පොසිල ඉන්ධන, ගල් අඟුරු හෝ ගෑස් මත පිටවන කාබන් වෙනුවෙන් අය කරනු ලබන බදු මුදලක් ලෙස දැක්විය හැකිය. දහනය වන පොසිල ඉන්ධන මගින් වායු ගෝලයට මුදා හරින කාබන් හා අහිතකර හරිතාගාර වායු (උදා.කාබන් ඩයොක්සයිඩ් CO 2 , මීතේන් CH 4 ) විමෝචනය අවම කිරීම මෙවැනි බදු වල අරමුණයි.   විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනයත් සමග වායු ගෝලයට පිටවන අහිතකර හරිතාගාර වායු නිසා ගෝලීය උණුසුම ඉහල යාම, ග්ලැසියර දිය වීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහල යාම, එමෙන්ම දුපත් රාජ්‍යයන් සාගර ජලයෙන් යට වීමේ තර්ජනයට මුහුණ දීම ආදී විවිධ කාලගුණි...
Image
උද්ධමනය,පොදු මිල මට්ටම   සහ සැබෑ පුද්ගල ආදායම        Inflation , General price level and  Real  income සටහන -ඉසුරු සම්පත්   තෙන්නකෝන් උද්ධමනය,නැතොත් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළයාම මේ දිනවල නිතරම පාහේ කාගේත් කතිකාවට ලක්වන මාතෘකාවකි. ගමේ නගරයේ, කඩපලේ නැතහොත් බස් රියේ, දුම්රියේ පවා බොහෝ දෙනෙකු මේ පිළිබඳව කතා බස් කරන අයුරු හඳුනාගත හැකිය. උද්ධමනය යනු කුමක්ද ? මිල මට්ටම හා මිල දර්ශක යනු මොනවාද, උද්ධමනය නිසා සැබෑ පුද්ගල ආදායමේ  සිදුවන ප්‍රති විපාක මොනවාද යන්න පිළිබඳව ඔබට සරළ අවබෝධයක් සැපයීම මෙම ලිපියේ අපේක්ෂාවයි. ආර්ථික විද්‍යාවට අනුව උද්දමනය ලෙස හදුන් වන්නේ රටක භාණ්ඩ හා සේවා මිල මට්ටමේ, පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම ලෙසයි. සරලව කිවහොත්   ජනතාව පාව්ච්චි කරන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම   ඉහල යාමයි. එහෙත් මේ තත්වය භාණ්ඩ   එකක් දෙකක් පමණක මිල අඩු වැඩි වීම හේතුවෙන් සිදුවන්නක් ලෙස බොහෝ දෙනෙකු වැරදි වැටහිමකට   පත් විය හැකිය. උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක් රුපියල් 10කින් මිල ඉහල ගියහොත් ඒ නිසා උද්දමනයක් ඇති වෙනවා යය...
Image
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ එහි  යහපත්   අයහපත්   ප්‍රතිඵල මොනවාද?,මෙම ගිවිසුම් රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් රටක් තවත් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී විවිධ ගිවිසුම් ඇතිකර ගනී. ඒවා බොහෝවිට ආර්ථික, වෙළඳ හෝ ආරක්ෂක ගිවිසුම් හෝ වෙනත්   ගිවිසුම් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ගිවිසුමක් යනු පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමඟ සලකා බලන කොන්දේසි මත   ඇතිකර ගන්නා පොදු එකඟතාවයකි.   එම කණ්ඩායම් ගණන දෙකක් නම් එය ද්විපාර්ශවීය ගිවිසුමකි. (Bi-lataral agreement) එම කණ්ඩායම් ගණන දෙකකට වැඩි නම් එය බහුපාර්ශවීය ගිවිසුමක් ලෙස හඳුන්වයි. (Multilateral agreement) මෙම ගිවිසුම් විවිධ කොන්දේසි මත පදනම් වේ. බොහෝ විට වෙළඳ ගිවිසුමක නම් දෙරටේ වෙළඳාම සම්බන්ධ බොහොමයක් කොන්දේසි ඉවත් කර තිබෙන නැතහොත් නිදහස්   කර තිබෙන තත්වයක් නිදහස් වෙළඳ ගිවිසුමක් ලෙස හඳුන්වයි.(Free Trade Agreement/FTA) රටක් වෙනත් රටක් හෝ රටවල් කිහිපයක්   සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා විවිධ හේතු බලපායි. ආර්ථික සංවර්ධනය,අපනයන දිරි ගැන්වීම, නව තාක්ෂනය දියුණ...
Image
ශ්‍රී ලංකාවේ දිනපතා ඉහළ යන  ජී වන වියදම, එහි ප්‍රතිඵල ජනතා ආර්ථිකයට කරන බලපෑම සහ එදිනෙදා ආර්ථිකයේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් විය යුත්තේ ඇයි? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්. ‘සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කෙරේ’,අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.’ ‘ආනයනික එන්ජින් ධාරිතාව අශ්වබල 1000ට අඩු   මෝටර් රථ සඳහා අද රාත්‍රියේ සිට බදු ඉහළ දමනු ලැබේ’. ‘ආනයනික පළතුරු සඳහා ආනයනික තීරු   බද්දක් පැනවීමට රජය තීරණය කරයි’. සෑම පුරවැසියෙකුම මාසික ආදායම මත ආදායම් බදු ගෙවීම සඳහා බදු ලිපි ගොනුවක් ලබා ගතයුතු ය.” ආදී විවිධ තොරතුරු මේ දිනවල අපට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඇසුරෙන් අසන්නට දකින්නට ලැබේ. පොදු ජනතාව හුදෙක් මේ පුවත් නිකුත්වූ විගස ඒවා අසමින්, ඇතැම්විට ඒවාට ප්‍රතිචාර දක්වමින් කල් ගෙවන ආකාරය දක්නට ලැබේ. ඉනික්බිති දින කිහිපයකට පසු මේ කිසිවක් නොවුණු අයුරින් නැවතත් සිය කටයුතු සිදු කිරීමට පටන් ගනී. රටේ බොහෝ දෙනෙකුට මෙම තීරණ හා ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අවබෝධයක් හෝ කියැවීමක් නොමැති තරම්ය. එයට හේතුව බොහෝ දෙනෙකු ආර්ථික සංසිද්ධීන්...