
කෘෂි- සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ එම කර්මාන්තයට පවතින විභවතාවය සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් සංචාරක ආකර්ෂණය සඳහා කෘෂිකර්මය භාවිත කරනේ කෙසේද යන කතිකාව මේ වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ ගොඩ නැගෙමින් පවතින යුගයක මෙම මාතෘකාව පිළිබඳව කිසියම් කතිකාවක් හා අවබෝධයක් අප සතුව පැවතිය යුතු බැවින් මෙම ලිපිය ඔස්සේ කෘෂි සංචාරක කර්මාන්තය සහ එහි වර්තමාන භාවිතයත්, එම ක්ෂේත්‍රය සංවර්ධනයේ පවතින අවශ්‍යතාවයත් පිළිබඳව කරු ණු ඉදිරිපත් කෙරෙයි. සංචාරක කර්මාන්තය ( Tourism ) වර්තමානය වන විට ලොව ඉතා ජනප්‍රිය හා ඉහළ ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය තුළ පවා විවිධ වූ බෙදීම් දක්නට ලැබේ. කෘෂි සංචාරක කර්මාන්තය ( Agro-Tourism ) යනු ඉන් එකකි. ඒ ඔස්සේ කියැවෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම හා ඒ ඔස්සේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමත්, කෘෂි කර්මාන්තය හරහා ආදායම් ඉපදවීමත් ය. කෘෂිකර්මාන්තය බොහෝ විට පදනම් වන්නේ ඒ ආශ්‍රිත සමාජ, සංස්කෘතික හා ආර්ථික වපසරිය පදනම් කර ගනිමිනි. ඒ ඔස්සේ එක් එක් ආර්ථික සමාජ හා සංස්කෘතික වටපිටාව පදනම් කර ගනිමින් කෘෂිකාර්මික රටාවේ අනන්‍ය ලක්ෂණ පෙන්නුම්...