
GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වෙයිද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් බදු යනු ආර්ථිකයක ආනයන අපනයන හා වෙළඳාම පාලනය කිරීම උදෙසා රජයක් විසින් පනවනු ලබන අනිවාර්ය වෙළඳ බාදකයකි. ඒ අනුව විවිධ බදු වර්ගයන් ආර්ථිකයක දක්නට ලැබේ. ජාත්‍යන්තර වෙළඳාමේ දී විශේෂයෙන්ම මෙම බදු බොහෝ අවස්ථා වලදී කපා හැරීම්, බදු සීමා අඩු කිරීම් හා ඉහළ දැමීම සිදුවේ. එම බදු කපා හැරීම බදු සහනයන් ලෙසද හඳුන්වනු ලැබේ. GSP+ බදු සහනය යනු වර්තමානයේ බොහෝ කතිකාවන්ට හේතු වූ එවැනි බදු සහනයකි. රටවල් විසි අටකින් 28 සැදුම්ලත් යුරෝපා සංගමය (EU) විසින් මෙම බදු සහනය රටකට ලබා දීමේ දී ඒ සඳහා පූර්වයෙන් සළකා බලන ලද කොන්දේසි කිහිපයක් පවතින අතර එම කොන්දේසි කඩකළහොත් එම සහනය ලබා නොදීමට හෝ කපාහැරීමට ද සම්පුර්ණ බලය යුරෝපානු සංගමය සතුව පවතී. යුරෝපානු සංගමය විසින් අඩු සංවර්ධන මට්ටමක් පවතින රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත දෙනු ලබන බදු සහනයන් කොටස් තුනකි. ඒ GSP, GSP+ සහ EBA යනුවෙනි. පොදු වරණිය බදු සහනය (GSP) - මෙම බදු සහනය හිමි වන්නේ අඩු ආදායම් ලාභී ආර්ථික හා පහළ මැදි ආදායම්...