
වසර 2018 මහබැංකු වාර්තාවෙන් හෙළි වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා මුල්‍ය තත්වය සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්. ශ්‍රී ලංකාවේ පසුගිය වසර ආශ්‍රිත ආර්ථික තත්වය හා සමාජ සංවර්ධනය පිළිබඳව ප්‍රමුඛතම හා නිල දත්ත හා තොරතුරු ඉදිරිපත් කරන වාර්ථාව වන 2018 මහබැංකු වාර්තාව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පසුගියදා නිකුත් කරනු ලැබුවා. මහා බැංකුව මගින් ඒ අනුව පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්තයන් පිළිබඳව කිසියම් අවබෝධයක් මෙම ලිපියෙන් ඔබ වෙත සැපයීමට අපේක්ෂිත ය. මහා බැංකු වාර්තාව පරිච්ඡේදයන කිහිපයකින් සමන්විත වන අතර ඒ එක් එක් පරිච්ඡේද ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ දත්ත ඉදිරිපත් කරයි. ආර්ථිකය මිල මට්ටම හා මුල්‍ය, ජාතික නිෂ්පාදිතය හා ආදායම, මුල්‍ය ප්‍රතිපත්තිය , අයවැය ප්‍රතිපත්තිය ආදී විවිධ අංශ ඒ අතර වේ. මේ ඇසුරෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ මුලික ආර්ථික දත්ත හා මූලික සමාජ දත්ත කිහිපයක් පමණි. ඒ අනුව ජනගහනය සහ ජීව සංඛ්‍යාති දර්ශකයන් ඇසුරේ ලංකාවේ සමස්ත මධ්‍ය වාර්ෂික ජනගහනය 2018 වසර වන විට 21,670,000 ක් එනම් මිලියන 21.6 ඉක්මවා තිබෙනවා. එම ජනගහනයෙන් මෙර...