Posts

Showing posts from August, 2018
Image
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ එහි  යහපත්   අයහපත්   ප්‍රතිඵල මොනවාද?,මෙම ගිවිසුම් රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් රටක් තවත් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී විවිධ ගිවිසුම් ඇතිකර ගනී. ඒවා බොහෝවිට ආර්ථික, වෙළඳ හෝ ආරක්ෂක ගිවිසුම් හෝ වෙනත්   ගිවිසුම් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ගිවිසුමක් යනු පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමඟ සලකා බලන කොන්දේසි මත   ඇතිකර ගන්නා පොදු එකඟතාවයකි.   එම කණ්ඩායම් ගණන දෙකක් නම් එය ද්විපාර්ශවීය ගිවිසුමකි. (Bi-lataral agreement) එම කණ්ඩායම් ගණන දෙකකට වැඩි නම් එය බහුපාර්ශවීය ගිවිසුමක් ලෙස හඳුන්වයි. (Multilateral agreement) මෙම ගිවිසුම් විවිධ කොන්දේසි මත පදනම් වේ. බොහෝ විට වෙළඳ ගිවිසුමක නම් දෙරටේ වෙළඳාම සම්බන්ධ බොහොමයක් කොන්දේසි ඉවත් කර තිබෙන නැතහොත් නිදහස්   කර තිබෙන තත්වයක් නිදහස් වෙළඳ ගිවිසුමක් ලෙස හඳුන්වයි.(Free Trade Agreement/FTA) රටක් වෙනත් රටක් හෝ රටවල් කිහිපයක්   සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා විවිධ හේතු බලපායි. ආර්ථික සංවර්ධනය,අපනයන දිරි ගැන්වීම, නව තාක්ෂනය දියුණ...
Image
ශ්‍රී ලංකාවේ දිනපතා ඉහළ යන  ජී වන වියදම, එහි ප්‍රතිඵල ජනතා ආර්ථිකයට කරන බලපෑම සහ එදිනෙදා ආර්ථිකයේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් විය යුත්තේ ඇයි? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්. ‘සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කෙරේ’,අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.’ ‘ආනයනික එන්ජින් ධාරිතාව අශ්වබල 1000ට අඩු   මෝටර් රථ සඳහා අද රාත්‍රියේ සිට බදු ඉහළ දමනු ලැබේ’. ‘ආනයනික පළතුරු සඳහා ආනයනික තීරු   බද්දක් පැනවීමට රජය තීරණය කරයි’. සෑම පුරවැසියෙකුම මාසික ආදායම මත ආදායම් බදු ගෙවීම සඳහා බදු ලිපි ගොනුවක් ලබා ගතයුතු ය.” ආදී විවිධ තොරතුරු මේ දිනවල අපට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඇසුරෙන් අසන්නට දකින්නට ලැබේ. පොදු ජනතාව හුදෙක් මේ පුවත් නිකුත්වූ විගස ඒවා අසමින්, ඇතැම්විට ඒවාට ප්‍රතිචාර දක්වමින් කල් ගෙවන ආකාරය දක්නට ලැබේ. ඉනික්බිති දින කිහිපයකට පසු මේ කිසිවක් නොවුණු අයුරින් නැවතත් සිය කටයුතු සිදු කිරීමට පටන් ගනී. රටේ බොහෝ දෙනෙකුට මෙම තීරණ හා ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අවබෝධයක් හෝ කියැවීමක් නොමැති තරම්ය. එයට හේතුව බොහෝ දෙනෙකු ආර්ථික සංසිද්ධීන්...