Posts

Showing posts from May, 2018
  රුපියල අවප්‍රමාණය මෙරට ආර්ථිකයට බලපාන්නේ   කෙසේද? සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන්. රටක භාවිත මුදලක අවප්‍රමාණය ලෙස හදුන්වනු ලබන්නේ වෙනත්   රටක මුදල් ඒකකයකට සාපේක්ෂව සලකා බලන රටෙහි මුදලේ අගය අඩු වීමයි. නැතහොත් අදාළ රටෙහි මුදලට සාපේක්ෂව වෙනත් රටවල් වල මුදල් වටිනාකම ඉහළ යාමයි. එය සරල උදාහරණයකින් විමසා බැලුවහොත් වසර 2016 දී   ඩොලර් 1ක මිල රුපියල් 100 යයි සිතමු. එනම් 2016වසරේදී   ඩොලරයක් මිලට ගැනීමට   ලංකා රුපියල් රුපියල් 100ක් අවශ්‍ය වේ.. එහෙත් එම ඩොලරය 2017 වසරේ මිල දී ගැනීමට රුපියල් 120ක් ක් වැය වේනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වසරක් ඇතුලත අඩු වී තිබේ. එනම් ඩොලරයේ අගය සඳහා වන රුපියල් වටිනාකම   වැඩි වි තිබේ. එය රුපියල අවප්‍රමාණය වීමකි. නමුත් එම ඩොලරය   මිලට ගැනීමට වසර 2017 දී රුපියල් 80ක් වැය කිරීමට සිදුවුයේ නම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමකි. එනම් ඩොලරයක් මිලට ගැනීමට වියදම් කරන රුපියල් ප්‍රමාණය අඩු වී තිබේ.   එය රුපියල අධිප්‍රමාණය වීමක් ලෙස හදුන්වයි මේ දිනවල ලංකාවේ ආර්ථිකය තුල රුපියලේ අගය සීග්‍ර ලෙස අවප්‍රමානය වීමක් වාර්...
ලෝක වෙළඳපල තෙල් මිල සහ ලංකාවේ තෙල් මිල වෙනස්වීම ආර්ථිකයට බලපාන්නේ කෙසේද?            සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල වෙනස්වීම නිසා දේශීය වෙළඳපල   තෙල් මිල ගණන් පසුගිය දා   සැලකියයුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම   හේතුවෙන් සමාජයේ සියලුම   අංශ කෙරෙහි බලපෑමක් සිදු වීමේ දැඩි අවදානමක් මේ වන විට උත්ගතවෙමින් පවතී. මේ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ලෝක තෙල් මිල හා දේශීය තෙල් මිල, තෙල්මිල වෙනස්වීමේ ලෝක ප්‍රවනතාව, තෙල් මිල වෙනස් වීමේ ආර්ථික පිරිවැය හා මිල සුත්‍රය සඳහා වන විසදුම් පිළිබඳව විමසා බැලීමටයි. වසර තුනකට අධික කාලයක් මෙරට ඛනිජ තෙල් මිල සංශෝධනයක් සිදු නොවුණු බව පවසමින් රජය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඛනිජ තෙල් මිල ගණන් පසුගිය මැයි දහවන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබිණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 දක්වා ද, ඔක්ටේන් 95 පෙට්‍රල්   ලීටරයක් රුපියල් 148 දක්වාද, ඩිසල් ලීටරයක් රුපියල් 109 දක්වාද, ලාම්පු තෙල් ලීටරයක් රුපියල් 101 දක්වාද මිල ගණන් වෙනස් විණි. තෙල් මිල ඉහල යාම රටක භ...