
ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් ප්‍රවාහන හා සැපයුම් අංශයේ දායකත්වය හා අනාගතය සටහන ;ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව ප්‍රවාහන (Transport) හා සැපයුම් අංශයේ ( Logistics) දායකත්වය ඉහල නැංවීම ජාතික ආර් තිකයේ ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. නාවික, ගුවන් හා ගොඩබිම ආදී සියලු අංශ වලින් ලංකාව මරමස්ථානයක් බවට පත්ව තිබීමත්, භූමියේ පිහිටීම නිසාවෙන් රටක් ලෙස ප්‍රවාහන හා සේවා අංශයේ ජාත්‍යන්තර වෙළඳාම ඔස්සේ ලබා ගතහැකි වාසි දායක තත්වය ද ඉහල ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට මේ වන විට ප්‍රවාහන සේවා අංශය ( Logistics) 2.5% කට ආසන්න දායකත්වයක් දක්වයි. එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුල්‍යමය වටිනාකමකි. මේවා අතර භාණ්ඩ ප්‍රවහන ආශ්‍රිත බහාලුම් ( container trucking ),ගබඩාකිරීම් ( warehousing ) වරාය හා නැව්ගත කිරීම් ( ports and shipping ) ප්‍රධාන වේ. විශේෂයෙන්ම දේශීය වශයෙන් වන මගී ප්‍රවාහනය, ධීවර ආශ්‍රිත වන කටයුතු කෙරෙහි දක්වන දායකත්වය ජාතික ගිණුම් කරණයේදී මේ යටතට ගණනය නොවේ. ...