Posts

Showing posts from September, 2022
Image
  උද්ධමනය නිසා ඉස්සරහට මොකද වෙන්නේ?   පාන් ගෙඩිය රුපියල් 500 වී, හාල් කිලෝව රුපියල් 400 වෙයිද? ඉතිරිකිරීම් වල වටිනාකම තවත් අඩු වෙයි ද? තුන් වේලෙන් එක වේලක් වත් කන්න පුළුවන් වෙයිද? සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්.   ශ්‍රී ලාංකේය ආර් ථිකය මේ වන විට පවතින්නේ අතිශය අර් බුද කාරී තත්වයක බව බොහෝ දෙනෙකුට පෙනී යන කරුණකි. මේ මොහොතේ දී ත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සේවා සැපයීම පවා අභියෝගයකට පැමිණ තිබේ.  ආනයන අපනයන  තත්වයන්ගේ සැලකියයුතු ගැටලුකාරී තත්වයක් මතුව පෙනේ. විශේෂයෙන් ම ආනයන අපනයන ඇසුරෙන් වන ඩොලර් හිගය මෙම ගැටලුව  තව තවත්  ඉහල යාමට හේතු සාධක වී ඇති බව නොරහසකි. ආසියාවේ ඉහලම උද්ධමනය පවතින   රට බවට ශ්‍රී ලංකාව  පත්වී තිබෙන අතර ලෝක බැංකුව සඳහන් කරන  පරිදි ආහාර උද්ධමනයෙන් ලෝකයේ 5 වන තැනට ශ්‍රී ලංකාව මේ වසරේ අගෝස්තු අවසානය වන විට පත්ව තිබේ. ලෙබනනය,සිම්බාබ්බේ,වෙනිසියුලා හා තුර් කිය මුල් ස්ථාන වල පසු වේ. එහි නවවෙනි ස්ථානයේ පසු වන්නේ ඉතියෝපියාව ය. උද්දමනය ලෙස හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහල යාමයි. එය එක භාණ්ඩයක් හෝ දෙකක මිල ඉහල යාම...