
රටේ භාණ්ඩ මිල අහස උසට යයිද? දැන් තියෙන තත්වය මත මුදල් වලින් වත්කම් ඉතිරි කරොත් මොකද වෙන්නේ? හෙට ගැන සිතා අද පාරිභෝජනය කරමුද? සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල මට්ටම හමුවේ මේ වන විට ජනතාව අතිශය පිඩාවට පත්ව සිටින බව පෙනෙන්ට තිබෙන කරුණකි. අතෙකින් දිනෙන් දින උග්‍ර වන කොරෝනා අර්බුදයත්,තවත් අතෙකින් පනවා තිබෙන සංචරණ සීමා ආදී තත්වයන් නිසාත් බැට කන ජනතාවට එදිනෙදා පාරිභෝජනය සඳහා භාවිත කරන භාණ්ඩ හා සේවා මිල දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති බව මාගේ වැටහීමයි. මේ සියලු තත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි. පවතින තත්වය අනුව රටේ සැලකියයුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ඉහළ ගොස් තිබෙන බව නොරහසක්. මෙවැනි අභියෝගාත්මක කාලයක එවැන්නක් සිදුවීම අහම්බයක් නොවේ. මෙරට භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් නොවීමත්, නිෂ්පාදනය හා ආනයනය කෙරෙහි පවතින රෙගුලාසි ආදියත් මේ සඳහා හේතු වී ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර කෙරෙහි පවතින සීමා මේ කෙරෙහි බලපා තිබෙනවා. සීනි, හාල් ආදිය කෙරෙහි රජය වෙතින් මිල ...