
කොරෝනා සමග 2021 ආර්ථික සටන සටහන ; ඉසුරු සම්පත් තෙන්නකෝන් කොවිඩ් 19 නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝකය වෙලාගත් ව්‍යවසනයක් බවට පත්ව තිබේ. ලෝකයේ ආර්ථික මට්ටමින් ශක්තිමත් රටවල සිට ඉතා දිළිඳු ආර්ථිකයන් පවතින රටවල් දක්වාම මෙම වෛරසයේ බලපෑම නොවඩුව ලැබෙමින් පවතී. වෛරසය නිසා ආර්ථික දේශපාලනික මෙන්ම සෞඛ්‍ය අවදානමකට මුලු මහත් ලෝකයම පත්ව තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉනික්බිති යුරෝපය හා අප්‍රිකාවත්, ආසියාවත් ආක්‍රමණය කරමින් වර්ධනය වූ මෙම ව්‍යවසනය නිසා බලවත්ම පීඩාවට පත් වූ රාජයන් අතරට ඇමරිකාව,රුසියාව,ඉතාලිය ,ජර්මනිය මෙන්ම අප අසල්වැසි ඉන්දියාවද පත්ව ඇත. ලොව අනෙකුත් සියලුම රටවල් වලද සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් මේ විට වාර්තාවෙමින් පවතින අතර, මේ තත්වයන් සමස්ත මානවයාගේ ආර්ථික ක්‍රියාකාරකම් පමණක් නොව මානව සංහතියේ පැවැත්මටද අභියෝගයක් වෙමින් පවතී. 2021 ජනවාරි ආරම්භය වන විට ශ්‍රී ලකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පනස් දහසට ආසන්න වෙමින් පවතින අතර මේ වන විටත් කොරෝනා රෝගී තත්වය බලපෑමෙන් මිය ගිය පිරිස දෙසියය ඉක්මවා ඇත. අතෙකින් ජන ජීවිතය අභියෝගයට ලක් වෙමින් සියලු ආර...