Posts

Showing posts from October, 2020
Image
  එලොව පොල් පෙනෙන පොල් මිල, ලංකාවේ පොල් නිෂ්පාධනය හා මිල පාලනය සටහන ;  ඉසුරු සම්පත් තෙන්නකෝන් පොල් වර්තමානයේ අපගේ ආර්ථිකය වඩාත් ජනප්‍රිය කතිකාවට භාජනය වූ භාණ්ඩයකි. ඒ ආර්ථිකය තුල සැලකියයුතු ලෙස මිල ගණන ඉහල යාමත්, එම තත්වය පාලනය කිරීම සඳහා පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ උපරිම මිල පාලනයත් නිසාය. මේ ලිපියේ අවධානය යොමු වන්නේ මෙරට පොල් නිෂ්පාධනය, එහි ආර්ථික වටිනාකම මෙන්ම ඒ ආශ්‍රිත ආදායම් හා මිල පාලනයේ ප්‍රබලතා හා දුබලතා පිළිබඳවය. වසර 1948 න් පසු මෙරට ආර්ථිකයේ ප්‍රධානතම ආදායම් උත්පාදකයා බවට මෙරට වාණිජ බෝග වගාවන් පත්විය. ඒ අතර තේ, පොල් හා රබර් අපනයනයේදී ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසි පැවතුණි. එමෙන්ම මෙරට අපනයන ආදායම් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් උත්පාදනය විය. එහෙත් පසුකාලීනව කෘෂි අපනයන සඳහා වන සාපේක්ෂ වාසි අවම වීමත් සමග එම නිෂ්පාධන වලින් ලංකාවට ලැබෙන ආදායම අඩු වීමට පටන් ගත්තේය. වර්තමානය වනවිට අපගේ මූලික අපනයන ආදායම් උත්පාදන මාර්ග ලෙස සාම්ප්‍රදායික අපනයන වල දායකත්වය අවම වී තබේ. එහෙත් තවමත් තේ, පොල්, රබර් ආදිය අපනයන අතර පවතී. ලංකාව...