
ජාතික නිපැයුම, ආනයන, අපනයන හා දේශීය කර්මාන්ත පිළිබඳ නව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙතරම් දුරට සුබවාදී ද? සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකා ආර්ථිකයේ සමාහාර ආදායම හෙවත් සමස්ත ජාතික ආදායම 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 88.9කි. ඒ අනුව සමස්ත ජාතික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා දැක්වීමෙන් ලබා ගනු ලබන ඒක පුද්ගල ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 4.102ක් බවට වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකාව පහල මැදි ආදායම් තත්වයේ සිට ඉහල මැදි ආදායම් ලබන ආර්ථිකයක් දක්වා වර්ධනයක් වාර්තා විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ලොව ආර්ථිකයන් බොහොමයකට ප්‍රබල බලපෑම් එල්ල වූ අතර ශ්‍රී ලංකාවද සැලකිය යුතු බලපෑමක් සිදුවූ බව නොරහසකි. ඒ අනුව මෙරට ආනයන අපනයන පමණක් නොව දෛනික ජනජීවිතය පවා සැලකියයුතු බලපෑමකට ලක් විය. කොරෝනා තත්වය නිසා ආර්ථිකය නැවතත් පහල මැදි ආදායම් තත්වයට පසු බැස තිබෙන අතර පස්චාත් කොරෝනා අවදියක් තුළ නව මැතිවරණයකින් පත්වූ රජය විසින් ආර්ථික දේශපාලන හා සමාජ ප්‍රති සංස්කරණ රාශියකට මුල පුරමින් සිටි. මේ ලිපියෙන් කතිකා කෙරෙන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ජාතික නිපැයුම, ආනයන, අපනයන හා ...