
කොරෝනාවෙන් පසු ලාංකේය ආර්ථිකයේ දිශානතිය සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලද ඉහලම ආර්ථික පසුබෑම කොරෝනා වසංගතය හේතුවෙන් ලබා තිබෙන බව කිව හැකිය. එහෙයින් බොහෝ විට මෙම වසර ආර්ථික වර්ධනය සෘණ අගයක් දක්වා වාර්තා කිරීමේ හැකියාව තිබේ. ලංකාව ආර්ථිකය ප්‍රබලතම පසුබෑම අත් කරගත් අවස්ථා දෙකක් මෑත කාලයේ දක්නට ලැබිණි. ඒ වසර 2001 දී අත්කරගත් සෘණ ආර්ථික වෘර්ධිය යි. එම වසරේ කටුනායක ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම එමගින් සිදුවූ ආර්ථික බිඳවැටීමත්, ආර්ථිකයේ සිදුවූ විවිධ බිඳවැටීම් ද ඒ සඳහා බලපාන ලදී. අනෙක් වසර ලෙස 2019 වසර දැක්වීමට හැකිය. ඒ අනුව එම වසරේ පාස්කු ප්‍රහාරයද ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ලක් කරනු ලැබිණි. පාස්කු ප්‍රහාරය හමුවේ මෙරට ආර්ථිකය සැලකියයුතු පසුබෑමකට ලක්විය. මෙරට ආර්ථික වෘද්ධි අනුපාතය සියයට 3 .5 දක්වා අඩුවීමට එම තත්වය ප්‍රබලව බලපාන ලදී. ඒ පසුගිය වසර දහය තුළ මෙතෙක් වාර්තා කරනු ලැබූ අවම ආර්ථික වර්ධන අනුපාත බවට පත් වෙමිනි. නව්‍ය කොරෝනා තත්වය අපට පමණක් නොව ගෝලීය ආර්ථිකයද නොසිතූ විරූ බිඳ වැටීමකට හේතු වූ බව නොරහසකි. ලොව ප...