
ආර්ථිකයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග සහ කාලීනව නවීකරණය වීමේ අවශ්‍යතාවය සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන් ප්‍රවාහනය මෙම වකවානුව තුල ඉතා බහුලව කතිකාවට නැගුණු මාතෘකාවකි. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය ආදී වශයෙන් වන විවධ අංශ ඇසුරෙන් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳව රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. විශේෂයෙන්ම ලාංකීය පොදු ප්‍රවාහන සේවය ආර්ථිකය සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වයි. විශේෂයෙන්ම තම තමන්ගේ පෞද්ගලික රථ වාහන භාවිතයට සාපේක්ෂව, බස් රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අති විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බව නොරහසකි. විශේෂත්වය වන්නේ ප්‍රවාහනය හා ඒ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය යන්න ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකයක් බවට වර්තමානය වන විට පත් ව තිබීමයි. මේ ලිපිය ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග හා නවීකරණය වීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ විමසා බැලෙයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය. ආර්ථිකයක මූලික සංවර්ධන ක්‍රමෝපායන් බවට පත්වන්නේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය යි. ජලය, විදුලි...