Posts

Showing posts from January, 2020
Image
ඉහළ යන භාණ්ඩ හා සේවා මිල, පුද්ගල ක්‍රය ශක්තිය මත සහ ආර්ථිකය තුළ කරන බලපෑම. සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන් “දැන් කඩවල් වල   එළවලු, හාල් පොල්   හරි ගණන්. මෙහෙම ගියොත් කන්න බොන්නවත් ගන්න පඩියෙන් බැරි වෙයි.” කම්කරුවෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු විසින් වෙළඳ සැලකින් භාණ්ඩ මිල   දී ගන්නා   අතරතුර එහි සිටි තවත් පුද්ගලයෙකු ඇමතීය. ‘කෝ ඉතින්, හාල් පොල් ටික ගන්නවත් ගන්න මුදල ඉතිරියක් නෑ නේ, කඩවල්වලත් අස්ප ගණන්. වේලක් කාල වේලක් නොකා තමයි ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්’ ඊට පිළිතුරු බඳිමින් අනෙක් පුද්ගලයා කිවේය. අනෙකුත් භාණ්ඩ වලට වඩා එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ මිල ඉහළ යාම අප බොහෝ දෙනාට සංවේදීව දැනෙන කරුණකි. එමෙන්ම එය අපගේ මාසික වේතනයේ වියදම සීමා කරවන තත්වයකි. සරළව කිවහොත් අපේ පඩියෙන් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය කරන්නකි. එහෙයින් මෙම මාතෘකාව පිළිබඳ කතිකාව කාලීන කතිකාවක් වනු නොවනුමාන ය. පාරිභෝජන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ඒ ඔස්සේ පුද්ගලයන්ගේ ජීවන වියදම ඉහළයාමත් වර්තමාන සමාජයේ නිතර දෙවේලේ කතිකාවට ලක්වන්නකි. සැබවින්ම මෙම භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ති...