
රටක කෘෂි ආර්ථිකයට හිමි තැන එම ආර්ථිකයේ ශක්‍යතාවය තීරණය කරන්නේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් අපේ රටේ කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව නිතරම පාහේ කතිකාවට ලක්වන බව පෙනී යයි. ගොවියා ශක්තිමත් කිරීම, කෘෂිකර්මාන්තය දියුණු කිරීම ආදී යෝජනා නිතරම පාහේ අසන්නට, දකින්නට ලැබෙයි. අද මේ ලිපිය ඔස්සේ කතිකා කෙරෙන්නේ ශ්‍රී ලංකාව වැනි රටක කෘෂිකර්මාන්තය ආර්ථිකයට දක්වන දායකත්වය, කෘෂිකර්මාන්තය හා දුප්පත්කම මෙන්ම අනාගතයේදී කෘෂිකර්මාන්තය යා යුත්තේ කොතනටද යන කරුණු කාරණා පිළිබඳවයි. ආර්ථිකයක ප්‍රධානතම ආදායම් එම ආර්ථිකයේ සමස්ත නිෂ්පාදිතයයි. වෙනත් අයුරින් දක්වන්නේ නම් එම ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එනම් කිසියම් නිශ්චිත කාලයක් තුළ, එම ආර්ථිකය තුළ නිපදවෙන ලබන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය යි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ප්‍රධානතම ආර්ථික අංශ තුනක් සළකා බලනු ලැබේ. ඒවා කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය හා සේවා අංශය වන අතර, එම එක් එක් අංශයන් සමස්ත නිෂ්පාදිතයට වන දායකත්වය අනුව ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය සමන්විත වේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයට දැනට දක්වන ...