
සුබසාධනවාදී ආර්ථික ප්‍රතිපත්ති සහ දුප්පත්කම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ගැටලුවක්ද? සටහන;ඉසුරු සම්පත් තෙන්නකෝන්. දුප්පත්කම,දිළිදුකම නැතහොත් දරිද්‍රතාවය යන්න ආර්ථිකයක සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. දරිද්‍රතාවය, අවම ආර්ථික වර්ධනය, විරැකියාව හා ආර්ථික විෂමතාවය යන්න සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීයමය වශයෙන් මුහුණ දෙන ගැටළුවක් බවට පත්ව තිබේ. සාපේක්ෂ දරිද්‍රතාවය හා නිරපේක්ෂ දරිද්‍රතාවය යනුවෙන් අධ්‍යයනයේ පහසුව පිණිස දරිද්‍රතාවයේ ප්‍රධාන අංග දෙකක් ඔස්සේ අධ්‍යයනය කිරීමට හැකිය. විශේෂයෙන්ම නිරපේක්ෂ දරිද්‍රතාවය ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගලයන්ගේ එදිනෙදා ජිවිතයේ මුලික අවශ්‍යතාවන් වත් සපුරා ගත නොහැකි තත්වයක් ලෙසය. සාපේක්ෂ දරිද්‍රතාවය යන්න සරලව දැක්වුවහොත් එය එකිනෙක ආර්ථිකයකට සාපේක්ෂව පවතින ක්‍රය ශක්තිය , අසමානතාවය, සම්පත් හිමිකම මත පදනම් වූ දරිද්‍රතාවයයි. සාපේක්ෂව දරිද්‍රතාවය ගණනය කරන්නේ ඒක පුද්ගල ආදායම පදනම් කර ගනිමිනි. අවම වශයෙන් එක ඩොලරයක වත් ආදායමක් දිනකට කෙනෙකුට නොලැබෙන්නේ නම් ඔහු දිළිඳු පුද්ගලයෙකු ලෙස හඳුනාගනු ලැබේ.වර්තමානය වන විට ලෝකයේ දරිදර්තා රේඛාව ග...