Posts

Showing posts from June, 2019
Image
මානව සංවර්ධන දර්ශකය, ලෝකය   සහ ශ්‍රී ලංකාව සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන් ලොව ආර්ථිකයන්හි සංවර්ධනය ගණනය කරන විවිධ දර්ශකයන් හඳුනාගත හැකි ය. ඒ එක් එක් දර්ශකයන් ඔස්සේ රටක ආර්ථිකයේ   වර්ධනය, ආර්ථිකයේ තත්වය, ආර්ථිකයේ හැකියාව   ආදී විවිධ අංශයන් අධ්‍යයනය කිරීම සිදු වේ. මානවයාගේ යහපැවැත්ම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සවිධානය විසින් අධ්‍යයනය කිරීමට යොදා ගනු ලබන දර්ශකයක් ලෙස මානව සංවර්ධන දර්ශකය (Human Development Index) හඳුනා ගත හැකි වේ. මේ ලිපිය ඔස්සේ අපේක්ෂා කෙරෙන්නේ මානව සංවර්ධන දර්ශකය හා එහි දර්ශක පිළිබඳව අවබෝධයක් සැපයීමත්, එම දර්ශකයේ පවතින වාසි සහ අවාසි අධ්‍යයනය කිරීමත්, ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ අත්කරගෙන තිබෙන ස්ථානය යන්න පිළිබඳවත් ඔබට අවබෝධයක් සැපයීම යි. මානව සංවර්ධන දර්ශකය යනු කුමක්ද ? මානව සංවර්ධන දර්ශකය යනු ලෝකයේ පවතින රටවල සංවර්ධනය මිනුම් කිරීම සඳහා භාවිත කරනු ලබන දර්ශකයකි. එය අංග කිහිපයකින් සමන්විත වේ. ඒ අනුව මානව සංවර්ධන දර්ශකය මානව සංවර්ධනයේ තරම පෙන්නුම් කිරීමට යොදා ගනු ලබන දර්ශකයක් වේ. එහි දී දීර්ඝ කාලීන සෞක්‍යයවත් ජීවිතය, දැනුම් සහිත බව සහ ජීවන තත...