
කාබන් බද්ද යනු කුමක්ද, කාබන් බද්දෙහි සමාජ පිරිවැයක් තිබේද? සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන් ශ්‍රී ලංකාව තුළ බදු පිළිබඳව නිරන්තර කතිකාවක් ඇති වෙමින් පවතී . කාබන් බද්ද යන්න කතිකාවට නැගෙන්නේ 2019 ජනවාරි මාසයේ සිට මෙරට කාබන් බද්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත් සමගය. කාබන් බද්ද යනු කුමක්ද? එම බද්ද ක්‍රියාත්මක කරන්නේ කුමකටද සහ එහි ආර්ථික ප්‍රතිලාබ කුමක්ද යන්න අධ්‍යයනය මෙම ලිපියේ අරමුණ වේ. . කාබන් බද්ද යන්න සරළව දැක්වුවහොත් රජයක් විසින් ආයතනයක් හෝ පාරිභෝජකයෙකු දවන ලබන පොසිල ඉන්ධන, ගල් අඟුරු හෝ ගෑස් මත පිටවන කාබන් වෙනුවෙන් අය කරනු ලබන බදු මුදලක් ලෙස දැක්විය හැකිය. දහනය වන පොසිල ඉන්ධන මගින් වායු ගෝලයට මුදා හරින කාබන් හා අහිතකර හරිතාගාර වායු (උදා.කාබන් ඩයොක්සයිඩ් CO 2 , මීතේන් CH 4 ) විමෝචනය අවම කිරීම මෙවැනි බදු වල අරමුණයි. විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනයත් සමග වායු ගෝලයට පිටවන අහිතකර හරිතාගාර වායු නිසා ගෝලීය උණුසුම ඉහල යාම, ග්ලැසියර දිය වීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහල යාම, එමෙන්ම දුපත් රාජ්‍යයන් සාගර ජලයෙන් යට වීමේ තර්ජනයට මුහුණ දීම ආදී විවිධ කාලගුණි...