උද්ධමනය,පොදු මිල මට්ටම සහ සැබෑ පුද්ගල ආදායම Inflation , General price level and Real income සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන් උද්ධමනය,නැතොත් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළයාම මේ දිනවල නිතරම පාහේ කාගේත් කතිකාවට ලක්වන මාතෘකාවකි. ගමේ නගරයේ, කඩපලේ නැතහොත් බස් රියේ, දුම්රියේ පවා බොහෝ දෙනෙකු මේ පිළිබඳව කතා බස් කරන අයුරු හඳුනාගත හැකිය. උද්ධමනය යනු කුමක්ද ? මිල මට්ටම හා මිල දර්ශක යනු මොනවාද, උද්ධමනය නිසා සැබෑ පුද්ගල ආදායමේ සිදුවන ප්‍රති විපාක මොනවාද යන්න පිළිබඳව ඔබට සරළ අවබෝධයක් සැපයීම මෙම ලිපියේ අපේක්ෂාවයි. ආර්ථික විද්‍යාවට අනුව උද්දමනය ලෙස හදුන් වන්නේ රටක භාණ්ඩ හා සේවා මිල මට්ටමේ, පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම ලෙසයි. සරලව කිවහොත් ජනතාව පාව්ච්චි කරන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ඉහල යාමයි. එහෙත් මේ තත්වය භාණ්ඩ එකක් දෙකක් පමණක මිල අඩු වැඩි වීම හේතුවෙන් සිදුවන්නක් ලෙස බොහෝ දෙනෙකු වැරදි වැටහිමකට පත් විය හැකිය. උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක් රුපියල් 10කින් මිල ඉහල ගියහොත් ඒ නිසා උද්දමනයක් ඇති වෙනවා යය...
Posts
Showing posts from November, 2018