Posts

Showing posts from June, 2018
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව ආර්ථිකයේ අසමානතාවය වෙනස්වීම පිළිබඳ අධ්‍යයනයක්. සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්, ගෝලීය සංවර්ධන සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය වර්තමානය වන විට සංවර්ධන ගැටළුවක් වශයෙන් සියලුම ආර්ථිකයන් පොදුවේ මුහුණදෙන ගැටළුවක් බවට පත් වී තිබේ. දරිද්‍රතාව යන සංකල්පය ගෝලීය වශයෙන් හදුනා ගැනීමේ දී මුල් කාලයේ දී දරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන සම්පත් හිගතාවය ලෙස හදුනාගනු ලැබුණු අතර වර්තමානය වන විට එය විස්තීර්ණ සංකල්පයක් බවට පත්ව තිබේ. දරිද්‍රතාවය පිළිබඳව වන කතිකාව ශ්‍රී ලංකාව තුල සාකච්ඡාවට බදුන් වීම ඇරඹෙන්නේ 1940 දශකයේ සිට ය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන්කිරීම හා අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය 1940 දශකයේ සිට මෙරට ඉස්මතු විය. ඒ අනුව මෙරට දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නැගෙන අතර වසර 2018 වන විට එම අංශයන්හි වෙනස්වීමත් ඒවා ඇසුරෙන් දරිද්‍රතාවයට හා සම්පත් බෙදියාමේ විෂමතාවයට සිදුවී තිබෙන බලපෑමත් අධ්‍යනය මේ ඇසුරෙන් අපේක්ෂා කෙරේ. දරිද්‍රතාවය යනු ගෝලීය සංවර්ධන ගැටලුවකි. දරිද්‍රතාවය හෙව...